බස්නාහිර ඇතුළු පළාත් කිපයකට අදත් තද වැසි …

0
90

rain-thundershower-expected-in-several-parts-4094-415x260( 7.30 am ) උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල තැනින් තැන වැසි ඇතිවිය හැක බව අද (14) දින උදෑසන 05.30ට නිකුත් කළ කාලගුණ අනාවැකිය මගින් පෙන්වා දෙයි.

දිවයිනේ සෙසු ප්‍රදේශවල දී තැනින් තැන සවස 2.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැති බව එහි වැඩිදුරටත් සඳහන් වේ.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මි.100 ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.