බස්නාහිර ඇතුළු පළාත් කිපයකට අදත් සවස ගිගුරුම් සහිත වැසි …..

0
234
thunder 2උතුරු සහ නැගෙනහිර පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදීත් තැනින් තැන වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනය කරයි
දිවයිනේ බොහෝ ප්‍රදේශ වල සවස 1.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ
බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත්ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මි.100 ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව එම නිවේදනයේ වැඩිදුරටත් වාර්තා වෙයි
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.
විශේෂයෙන්ම පසුගිය දිනවල මිගමුව ,දළුපොත සහ කොච්චිකඩේ ප්‍රදේශවලට ඇද හැලුන මහවැසි දැඩි පිඩාවක් ජනජිවිතයට එල්ල කර තිබුණ අතර ඇතැම් ප්‍රදේශවලදි අකුණු සැර නිසා ගෘහ විදුලි උපකරණ රාශියක්ද විනාශ වි ගොස් තිබුණි