බස්නාහිර ටියුෂන් පංති 12 වෙනිදා ! මිගමුවේ VIP පංති දැන්මම පටන් අරන් …

0
112

බස්නාහිර පළාතේ උපකාරක පංති අප්‍රේල් මස 12 වන දිනයෙන් පසුව ආරම්භ කිරීමට අනුමැතිය ලබා දී තිබේ.සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඒ බව තහවුරු කර ඇත.

පාසල් ආරම්භ වී සති දෙකකට පසුව උපකාරක පන්ති ආරම්භ කළ හැකි බවට වු නිර්දේශවලට අනුව , පන්තියක සිසුන් සංඛ්‍යාව වරකට උපරිම වශයෙන් 100දෙනෙකුට සීමාවිය යුතු බව ද අමාත්‍යවරිය සඳහන් කළාය.

සෑම විටම ආසනයක දුර මීටරයක් පවත්වා ගත යුතු බවත්, ආසන පහසුකම් 100ට වඩා අඩුවන අවස්ථාවලදී සිසුන් සංඛ්‍යාව මුළු ආසන ධාරිතාවයෙන් සියයට 50ක් නොඉක්මවිය යුතුය

මේ අතර ඊයේ දිනයේ මිගමුවෙන් අපුරු පුවතක් වාර්තා විය. එනම් මිගමුව නගරාධිපති දයාන් ලංසාගේ දරුවන්ද ඇතුළුව අදාල ගුරුවරයාගේ ටියුෂන් පංති මිගමුව මහනගර සභාවේ මන්ත්‍රිවරුන්ගේ කාමරය තුලදිම ආරම්භ වි තිබිම ගැනය.

මේ පංතිය පැවැත්වෙන අතර තුර ආරාක්ෂාව සදහා ආරක්ෂක අංශ සේවකයෙකුවද යොදවා තිබුන බව සැලය.
දරුවන්ට ඉගැන්විම හැම දෙමව්පියෙකුගේම අරමුණයි. එහෙත් ගැටළුව ඇත්තේ රටෙ නිතියට පිටින් යමින් මහජන දේපලද පරිහරණය කරමින් කටයුතු කිරිමය.
අදාල ගුරුවරයා කව්රුන් වුවද ඔහු විසින් දැනමටත් බස්නාහිර පළාතේ උපකාරක පංති නියෝගය කඩකර ඇති බවද මෙහිලා අවධාරණය කළ යුතුව තිබේ.