බස්නාහිර ඩෙංගු මඩින්න ආණ්ඩුකාරවරියත් එක්වෙයි !

0
59

CMB governerශීඝ්‍රයෙන් පැතිර යන ඩෙංගු උවදුර මර්දනය කිරීමේ අරමුණින් බස්නාහිර පළාතේ ක්‍රියාත්මක පිරිසුදු කිරීමේ වැඩපිළිවෙළ පළාත් ආණ්ඩුකාර, විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොළ විසින් පසුගියදා  (14 වැනිදා) නිරීක්ෂණය කරන ලදී.
කිරිබත්ගොඩ, කඩුවෙල, ගම්පහ හා කඩවත යන නගර මුල් කර ගනිමින් මෙම වැඩසටහන පැවැති අතර එම අවස්ථාවට ආණ්ඩුකාරවරිය එක්වී සිටියාය.
මේ අතර පසුගිය කාලය තුල මිගමුවේ ඩෙංගු පිමි පණිමින් වර්ධනය වෙමින් පැවැතිම ගැනද ඇගේ අවධානය යොමුවනු ඇතැයි මිගමුවේ සවිඥානක පුරවැසියෝ බලාපොරොත්තුවෙන් සිටි.
පසුගිය ජුලි මාසයේ සිට මිගමුව රෝහල තුල පමණක් ඩෙංගු රෝගින් 14 දෙනෙකු මිය ගොස් තිබේ.
වැඩිම ඩෙංගු රෝගින් ගණනක් මෙසේ විපතට පත්ව ඇත්තේ මිගමුව දශකයකටත් වඩා කාලයක් පාලනය කළ දේශපාලන පවුලකට සම්බන්ධ ප්‍රදේශයන්වල විමද මෙහිදි විශේෂත්වයකි.