බස්නාහිර තහනම අද මැදියම් රැයෙන් අවසන් ! තවදුරටත් පොලිස් බලප්‍රදේශ 24 ක් හුදකලා කෙරේ !

0
110

lock down 3( 1.30 pm ) බස්නාහිර පළාතෙන් පිටතට ගමන් කිරීම තහනම් කරමින් පනවා තිබූ සංචරණ සීමාවන් අද (15) සිට ඉවත් කෙරෙන බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසන අතර , අද මධ්‍යම රාත්‍රියෙන් පසු සාමාන්‍ය පරිදි බස්නාහිර පළාතින් පිටතට ගමන් කිරිමට මේ අනුව හැකිවනු ඇත.

කොළඹ දිස්ත්‍රික්කයේ දැනට හුදකලා ප්‍රදේශ ලෙස නම් කර ඇති පොලිස් බලප්‍රදේශ 12ට අමතරව තවත් ප්‍රදේශ කිහිපයක් හෙට (16) උදෑසන 05.00 සිට හුදකලා කරන බවද කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය  වැඩිදුරටත් සඳහන් කළේය.

මරදාන, කොටුව, පිටකොටුව, කොම්පඤ්ඤ වීදිය සහ වේල්ල වීදිය යන ප්‍රදේශ මෙලෙස හෙට සිට හුදකලා කර තැබිමට නියමිතය

මීට අමතරව ගම්පහ  දිස්ත්‍රික්කයේ කැලණිය පොලිස් බලප්‍රදේශය හෙට සිට හුදකලා ප්‍රදේශයක් ලෙස නම් කරන බවද යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසා සිටි අතර  ගම්පහ දිස්ත්‍රික්කයේ දැනට හුදකලා ප්‍රදේශ ලෙස නම් කර ඇති මීගමුව, ජා ඇළ, රාගම, කඩවත, වත්තල සහ පෑලියගොඩ යන ප්‍රදේශ තවදුරටත් එලෙසම පවති.

මීට අමතරව හුදකලා කර ඇති සෙසු ප්‍රදේශ අද දින සිට එම තත්ත්වයෙන් මුදාහරින බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේය.

ඒ අනුව කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුරුණෑගල නගර සභා සීමාව, කුලියාපිටිය පොලිස් බලප්‍රදේශය කළුතර දිස්ත්‍රික්කයේ හොරණ, ඉංගිරිය, වෑකඩ බටහිර යන ප්‍රදේශ හුදකලා තත්ත්වයෙන් මුදාහරිනු ඇත.

කෑගල්ල දිස්ත්‍රික්කයේ රුවන්වැල්ල සහ මාවනැල්ල යන ප්‍රදේශ ද අද දිනයේ සිට හුදකලා තත්ත්වයෙන් මුදාහරින බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසීය.නිවේදන

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here