බස්නාහිර පළාත්සභා ඇමති වනිගරත්න දූෂිතයන්ට තනතුරු දිලා… ?

0
46

lalith waniබස්නාහිර පළාත් සභාවේ ධීවර, මාර්ග, ප්‍රවාහන හා වෙළෙඳ අමාත්‍ය ලලිත් වනිගරත්න මහතාට එරෙහිව එහි ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ මන්ත්‍රී සුසිල් කිඳෙල්පිටිය හා එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී ලලන්ත ගුණසේකර මහත්වරුන් ඉදිරිපත් කර තිබූ විශ්වාස භංග යෝජනාව අද ඉල්ලා අස්කරගත් බව මාධ්‍ය විසින් ඊයේ දිනයේ වාර්ථා කර තිබුණි.
මෙසේ විශ්වාසබංගයක් ගෙන ඒමට හේතුව වි තිබුනේ මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියට සහ පළාත්බද මාර්ග සංවර්ධන අධිකාරියට දූෂිත සභාපතිවරුන් පත් කර අති බව ඇතුළු චෝදනා කිහිපයක් මුලකරගනිමිනි.
මෙම  විශ්වාස භංග යෝජනාව ඊයේ විවාදයට ගැනීමට නියමිතව තිබුණද අදාල මන්ත්‍රින් විසින් එකි යෝජනාව ඉල්ලා අස්කර ගෙන තිබුනේ අදාල නිළධාරින්ව ඉවත් කිරිමට ඇමතිවරයා පොරොන්දුවි ඇති නිසා බැව් සැලය,
කෙසේ වෙතත් ජවිපෙ මන්ත්‍රිවරයා මේ ගැන අදහස් දක්වමින් කියා ඇත්තේ දුෂිත නිළධාරින් ඉවත් කරගත් පමණින් ඇමතිවරයාට අදාල සියළු චෝදනා ඉවත් නොවන බවය.
දූෂිතයන් පත්කරමින් ඇමතිවරයා මේ පෙන්වා ඇත්තේ තමන්ගේ මුල් ස්වාමියා වු හිටපු ජනාධිපතිවරයාගේ අඩිපාරේ ගමන් යන බවද ?