බස්නාහිර පළාතෙන් පිටට යාම තහනම් ! එන්න අවසර තියෙන්නේ කාටද ?

0
189
ajithමේ දිනවල මාධ්‍ය වල මෙන්ම ජනයා අතරද වැඩි කථා බහකට ලක්ව ඇත්තේ ජනාධිපතිවරයා විසින් හදිස්සියේ කරන්නට යෙදුන නියෝගය පදනම් කොට ගෙනය.
ඒ අනුව බස්නාහිර පළාතෙන් පිටව යාමත් එය තුලට ඒමටත් අදාලව සිමාවන් පැනවි තිබේ.
බස්රථ දුම්රිය ගමන් පවා තහනම්ය.මේ අතර බස්නාහිරට කාටවවත්ම එන්නට බැරිදැයි පොදුවේ ඇති ප්‍රශ්ණයක් ගැන නියොජ්‍ය පොලිස්පති  පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහන රූපවාහිනි සාකච්ජාවකදි අදහස් පළකොට තිබුණි.
“යන්න තමයි අවසර නැත්තේ බස්නාහිර පළාතෙන් පිටට. නමුත් ඕනෑම කෙනෙකුට බස්නාහිර පළාතට එන්න අවසර තියනවා. හැබැයි මෙතන ප්‍රශ්නයක් තියනවා අපි හිතමු බස්නාහිර පළාතේ පදිංචි කවුරු හරි කෙනෙක් පිටට ගිහිල්ලා ඒයාට එන්න ඕනේ. එහෙම එන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. 
හැබැයි එහෙම නැතුව අද දවසේ බස්නාහිර පළාතේ යම් කාර්යක් කරගෙන ආපහු යන්න හිතාගෙන  කවුරු හරි ආවොත් එයාට ප්‍රශ්නයක් තියනවා යන්න බැහැ. එහෙමනම් ප්ලෑන් කරලා එන්න ඕනේ. අදයි හෙටයි අනිද්දයි මේ දවස් ටිකේ ඉරිදා වෙනකන් ඉදලා ආපහු යන්න බලාගෙන. 
යම් කෙනෙක් සැලසුමක් කරලා තියනවනම් බස්නාහිර පළාතට ඇවිල්ලා නවාතැන් අරගෙන කටයතු කරන්න ඒ අයට කිසිම ප්‍රශ්නයක් නැහැ බස්නාහිර පළාතට එන්න පුළුවන් නමුත් බස්නාහිර පළාතෙන් ඉරිදා වෙනකන් පිටවෙන්න අවස්ථාවක් නැහැ”
මුලාශ්‍රය-citizen.lk