බස්නාහිර පළාතේ ආර්ථික මධ්‍යස්ථාන විවෘත කිරීමට තීරණයක්

0
74

බස්නාහිර පළාතේ වසාදමා ඇති සියලුම ආර්ථික මධ්‍යස්ථාන විවෘත කිරීමට තීරණය කෘෂිකර්ම අමාත්‍යංශය තීරණය කර තිබේ

බස්නාහිර පළාත තුළ නිරෝධායන ඇඳීරිනීතිය පැවතිය ද නොවැම්බර්  (04) සිට එම ආර්ථික මධ්‍යස්ථාන තොග වෙළෙඳාමට පමණක් විවෘත වන බව කෘෂිකර්ම අමාත්‍යංශය පැවසීය.

ඒ අනුව, රත්මලාන නාරාහේන්පිට, බෝකුන්දර යන ආර්ථික මධ්‍යස්ථානවල සේවකයන් හෙට (03) පීසීආර් පරීක්ෂණවලට ලක්කොට එම මධ්‍යස්ථාන විවෘත කිරීමට රජය තීරණය කර තිබේ.

ඇඳිරිනීතිය ක්‍රියාත්මක වුවද ජනතාව අපහසුතාවයට පත්නොවන පරිදි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදාහැරීමේ වැඩපිළිවෙල මෙලෙස ක්‍රියාවට නැංවීමට රජය තීරණය කර තිබේ.

සිල්ලර වෙළෙඳාම මෙම ආර්ථික මධ්‍යස්ථානවල සිදු නොකරන බවත්, බලපත්‍ර සහිත තොග වෙළෙඳුන්ට පමණක් ඒ සඳහා අවස්ථාව ලබාදීමට බලධාරීන් තීරණය කර ඇත.

එක් ආයතනයකට වාහන 15 ක් සඳහා බලපත්‍ර නිකුත් කොට, සුපිරි වෙළෙඳ සංකීර්ණ ද විවෘතකර භාණ්ඩ බෙදාහැරීමට විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමටද තීරණය වී තිබේ.

මේ අතර කොවිඞ් අවදානමක් නොපවතින ආර්ථික මධ්‍යස්ථාන විවෘත කිරීමේ ක්‍රමවේදයක් හඳුන්වා දෙන බව ආර්ථික පුනර්ජීවන හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා පවසා තිබුණි

එමෙන්ම ඇඳිරිනීතිය ක්‍රියාත්මක කාලයේදී වෙළෙඳසැල් විවෘත කිරීමේ බලාපොරොත්තුවක් නැතැයි කී රාජපක්‍ෂ මහතා සමූපකාරවලින් ජනතාවට අවශ්‍ය ද්‍රව්‍ය නිවසටම ගෙනගොස්දීමට පියවර ගන්නා බව ද ප්‍රකාශ කළ  අතර  ජනතාවට අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සැපයීම සඳහා පිටකොටුව ප්‍රදේශයේ තොග කඩ ද අද  (3) සිට විවෘත කිරීමට පියවර ගෙන ඇත.