බස්නැවතුම්පොළේ පැළ බෙදන්න ආපු මහින්ද බිච් පාරක් ඒක ගැනත් කියයි

0
74

“”අපි දැන් මීගමුව බීච් පාර්ක් එක සම්බන්ධයෙන් මේ වෙනකොට තීන්දු තීරණ රැසක් අරගෙන තියෙනවා. “”

නි. ඇමති මහින්ද ජයසිංහ මීගමුවේදී කියයි.

අක්‍රමිකතා, වංචා ,ගැටළු සහ ප්‍රශ්න රාශියකට ලක්වී මහත් ආන්දෝලනයකට තුඩු දී ඇති මීගමුව වෙරළ උද්‍යානය නොහොත් බීච් පාර්ක් එක සම්බන්ධයෙන් ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහ කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පසුගිය 26 වනදා  පෙරවරුවේදී මෙලෙස අදහස් පළ කළේය. මීගමුව, සමාජවාදී තරුණ සංගමය මගින් පැවැත්වූ වැඩසටහනකට සහභාගි වූ නියෝජ්‍ය අමාත්‍යවරයා,මීගමුව බිච් පාර්ක් එක සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිලිතුරු දෙමින් මෙලෙස පැවසීය.
“” ඒවාගේම අපි දැන් මීගමුව බීච් පාර්ක් ” එක සම්බන්ධයෙන් මේ වෙනකොට තීන්දු තීරණ රැසක් අරගෙන තියෙනවා. ඉදිරියේදී එය දෙස් විදෙස් සංචාරකයන්ට වඩාත් හිතකර මනරම් පරිසරයක් සහිත ස්ථානයක් බවට පරිවර්තනය කරන්න ඕන කරන සැලසුම් හදලා තියෙනවා. මීගමුව සංචාරකයන්ගේ පුරවරයක්. සංචාරකයන්ටමත් පමණක් නෙවෙයි දේශීය හා විදේශීය දෙගොල්ලන්ටමත් ඒ වගේම මීගමුව ජනතාවටත් වඩාත් හොඳ මත්ද්‍රව්‍යයෙන් තොර ,අපරාධ වලින් තොර නගරයක් බවට පත් කරන්න අපි සැලසුම් සහගතව වැඩ කරමින් යනවා.

බීච් පාර්ක් එක ගැන මේ වෙනකොටත් යූ.ඩී. (නාගරික සංවර්ධන අධිකාරිය) එකට අපි ලිඛිතව දැනුම් දීල තියෙනවා, එය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට පවරන්න ,ඕන කරන වැඩ කටයුතු කරන්න කියලා.ඉන් අනතුරුව අපි බලාපොරොත්තු වෙනවා එය නගර සභාවට පවරලා ,නගර සභාව මගින් මෙය නඩත්තු කරන්න. ඊට අවශ්‍ය කරන පහසුකම් ටිකක් නගර සභාවට සලසලා, ඒ අවශ්‍ය කරන මැදිහත්වීම කරන්න අපි දැන් සැලසුම් සකස් කරමින් යනවා. කාලවකවානුවක් මට හරියටම කියන්න බැහැ. නමුත් කෙටි කාලයක් ඇතුළත අපි මේ වැඩ කටයුතු ටික අවසන් කරනවා.””
යනුවෙන් අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here