බස්නැවතුම් පොලක් කඩපු සුසන්ත අනුන්ගේ බස්නැවතුමක් විවෘත කරයි?

0
176

වෙන්නප්පුව ප්‍රාදේශිය සභාපති සුසන්ත තම දේශපාලන හිතවතාගේ බිල්ඩිමේ ඇරපු පීසා මඩුව හරියට පාරට පේන්නේ නෑ කියල අව්වට වැස්සට මිනිස්සු රැකවරණ ලබපු බස්නැවතුම් පොල එතනින් කඩල ගිහින් අල්බට් පිරිස් ක්‍රිඩාංගනයේ මුල්ලකට විසිකරල දානවා.
මාධ්‍ය වලින් මේ ගැන අහපුවාම සුසන්ත කිව්වේ ඉක්මනින්ම වෙනත් තැනක මේ ඉදිකරනව කියල.හැබැයි මේ කඩවුණු පොරොන්දුවට දැන් අවුරුදු 2 කකටත් වැඩියි.
මාර්ග සංවර්ධන අධිකාරියේ ඉන්න ඉහල නිලධාරියෙකුගෙන් මේ ගැන ඇහැව්වාම මිනිහ සුසන්නට බයේ ෆෝන් එකෙන් ඇඹරෙනවා.
හරි මම සභාපති තුමාට කියන්නම් කියල ඉංග්‍රිසියෙන්ම පොරොන්දු වෙනවා.
නමුත් තාම නෑ.
හැබැයි ලගදි අපුරු වැඩක් වෙනවා.
වෙන්නප්පුවේ දම්රෝ එක ඉස්සරහ පින්කමක් සිද්ධ වෙනවා .ඒ අව්වේ ඉන්න අයට මිය ගිය පිය පුතු සමරා බස් නැවැතුම් පොලක් හදපු නිසා.
දෛවයේ සරදම කියන්නේ යාළුවගේ බිස්නස් එකට මුට්ටිය අල්ලල මිනිස්සු අව්වේ වැස්සේ අවුරුදු 2 කක් තියපු වෙන්නප්පුවේ ප්‍රාදේශිය සභාවේ සුසන්ත තමයි අර දම්රෝ එක ලග පින්කමට ඇවිත් ඒක විවෘත කරන්නේ.
දේශපාලනය කරන්න ඌරු කටකුයි බූරු පිටකුයි ඕන කියන්නේ ඇත්තම තමයි.bus halt 5new bus halt1