බස්නැවතුමේ රථ ගාලේ නවතා ඇති වාහන කාගේ ද?

0
124
Negombo busstand
Negombo busstand
Negombo busstand


මීගමුව බස්නැවතුම් පළ ඉදිරිපස පදිකයින්ට වෙන්කර ඇති මාර්ගයේ  වම් පැත්තේ දිනපතාම දිග  වාහන පෝලිමක් ගසා තිඛේ. ඒ මදිවාට මගීන්ව නංවා ගැනීම සදහා බස්නැවතුම්පළ ඉදිරියෙනුත් බස් කොට කොටා ගමන් කරයි. එවිට අර පදික තීරුව දෙපැත්තෙන්ම අවහිර වන අතර එතනින් පයින් ගමන්කරන්නාට පාරේ මැදට පැනිමට සිදුවෙයි.
මේ සම්බන්ධයෙන් මීපුර වෙබ් අඩිවිය විසින් සිදුකළ  සොයා බැලීමේදී  බස්නැවතුම්පළේ සේවය කරන නිලධාරීන්ගෙන් දැනගන්නට ලැබුණේ බස්නැවතුම ඉදිරිපිට තිඛෙන  රථ ගාලේ ඉඩමදිවන විට මේ ආකාරයට පදික තීරුවේ වාහන නවත්වන බවයි. මගියෙකු ගැනිමට පැමිණෙන වාහන. පදික තීරුවේ සුළු වේලාවකට වාහනයක් නැවත්වීම ගැටළුවක් නැති වුවත් ඒ සදහාද සමහර අවස්ථා වල ඉඩ නැති බව පෙනේ. බස්රථ ද මෙම තීරුවේ නිතරම නවත්වා තිඛෙනු දක්නට ලැඛෙයි. බස් නැවතුම්පළ ඉදිරිපිට ඇති අනවශ්‍ය තදබදය නිසා එම ස්ථානයේ ඇති  ATM යන්ත්‍ර වලින් මුදල් ලබාගැනීමට පැමිණෙන පාරිභෝගිකයන්ගේ රථවාහන නැවත්වීමටද සමහර අවස්ථා වල මෙම ස්ථානයේ ඉඩ ඇහිරෙන අවස්ථා අපමණය. මේ තදබදයට තවත් හේතුවක් වී ඇත්තේ  එමෙන්ම බස්නැවතුමට අයත් රථ ගාලේ සමහර පුද්ගලයින් කොළඹ යන විට ඔවුන්ගේ මෝටර් රථ මෙන්ම යතුරු පැදි ද නවත්වා යෑම  බවත් අපට දැනගන්නට ලැබුණි.
මේ සදහා අවසර ලැබුණේ කාගෙන්දැයි  අප දන්නේ නැත.  නමුත් එම හේතුව නිසා බස්නැවතුම ඉදිරිපිට ඇති විශාල රථ ගාල රථ වලින් පිරී යයි. මෙය හේතුවක් කරගන්නා බස්නැවතුම ඇතුලේ සේවය කරන හා ව්‍යාපාර කරන පුද්ගලයන්ගේ වාහනත් අර පදික තීරුවේ නවතා තබයි. මේ සම්බන්ධයෙන් මීගමුව පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයාගෙන් විමසූ විට දැනගන්නට ලැබුණේ එම රථගාල තුළ කිසිවකුටත්  දිගු වේලාවක්  වාහන නවත්වා යාමට අවසර දී නොමැති බවයි.