බස්රථ රියදුරෙකුට පහර දුන් මැරයෙක් නවලෝකේ නැවැතිලා ! පොලිසිය …??????

0
43
ප්‍රහාරයට පැමිණි මැරයන්
ප්‍රහාරයට පැමිණි මැරයන්
ප්‍රහාරයට පැමිණි මැරයන්

මීගමුව තලෙයිමන්නාරම දක්වා බස් රථයේ කාල සටහන හා මිගමුව කල්පිටිය දක්වා යන බස්රථයේ කාල සටහනක් එක ලග වැටි තිබිම නිසා කල්පිටිය යන බස් රථයට ආදායම අඩුවි ඇතැයි යන ගැටළුව මත තලෙයිමන්නාරම් බස්රථයේ කාල සටහන වෙනස් කරන ලෙස දන්වා ඇත.
එකි වෙනස් කම් ජාතික ප්‍රවාහන කොමිසම විසින් කළ යුතු බව තලෙයිමන්නරාම් බස් රථයේ හිමිකරුවන් පවසති.ඒ ගැන ජාතික ප්‍රවාහක කොමිසමටද පැමිණිලි 2 ක් මගින් මෙය දන්වා තිබියදි ඊයේ රාත්‍රියේ දළුවකොටුව ප්‍රදේශයේදි තලෙයිමන්නාරම් බස්රථයේ රියදුරාට සහ කොන්දොස්තර වරයාට මැර ප්‍රහාරයක් එල්ල වි තිබේ.

බස් කාලසටහනක්  මත  දළුවකොටුව  ප්‍රදේශයේදී   පසුගිය ඉරිදා මැර කල්ලියක් විසින් බස්රථ රියදුරයෙකුට අමානුෂික පහරදි දි තිබුණි.
මේ පහර දිම කළ  මැර පිරිස   මේ වන තෙක් අත්අඩංගුවට   නොගැනීම  සම්බන්ධව අප  කොච්චිකඩේ    පොලීසියෙන්   නිරන්තරව  විමසා  සිටියෙමු. ස
ඒගැන  පැහැදිළි  පිළිතුරක්   නොලැබුනු   හෙයින්  අද (28)  කොච්චිකඩේ   පොලීසියේ   මුලස්ථාන පොලිස් පරික්ෂක   පද්මලාල්  මහතාගෙන්  නැවත  විමසීමක්  කළෙමු.
මේ අනුව  ඔහු  ප්‍රකාශකළේ   පහරදුන්  දෙදෙනාගෙන්   එක් අයෙක්   පලාගොස් ඇති බවත්,  අනෙක් අය   කොළඹ   නවලෝක   රෝහලට  ඇතුලත්වී   සිටින බවයි.
මේ නිසා   අදදින  ඔහු  අත්අඩංගුවට  ගැනිමට පියවර ගන්නා මුලස්ථාන පොලිස් පරික්ෂක   පද්මලාල්  මහතා   ප්‍රකාශ කරයි.
මෙම ප්‍රහාරය ප්‍රදේශයේ දේශපාලකයෙකු පුතෙකු විසින් මෙහෙයවා ඇතැයි පහරකෑමට ලක්වු පාර්ශවය සදහන් කර සිටිති.