මීගමුව මූලික රෝහල ඉදිරිපිට දී රන් මාලයක් සොරකම් කිරීමේ සිද්ධියක් ගැන අප වෙබ් අඩවිය මඟින් දැනුවත් කළෙමු.
මෙවැනි සිදුවීම් ගණනාවක් මීගමුව නගරයේ සිදු වී ඇති බව නිතර අප වෙත වාර්ථා වූ අතර ඒ එක් සිදුවීමකට මුහුණ දුන් කාන්තාවක් සිය අත්දැකීමට මෙසේ විස්තර කළේය.

” මාර්තු මස 16 දින සවස 5ට වගේ මම මීගමුව රෝහලට ගියා.
ඒ ගිහින් එලියට ඇවිත් බස් එකට ඉන්න වෙලේ තමා මේ දේ වුනේ.
එතකොට වෙලාව 5,30යි. මං ලඟට ආවා වයසක කාන්තාවක්.අවුරුදු 65ත් 70ත් අතර ඇති.
එය ඉතින් මා එක්ක කතා කර කර හිටියා.
මට ඉන්න තැනත් කිව්වා.
කුරුණෑගල යක්කල ඉන්නවා කිව්වේ.

එයා හරියට අසරණ පෙනුමක් තියෙන්නේ.එයා කිව්වා එයා ලඟ රතු කැටයක් තියනවා පිටිපස්සේ ඉන්න මනුස්සයා ඒක ලක්ෂ 02 කට ඉල්ලනවා ඒත් මම දුන්නේ නැහැ.මේක ලක්ෂ 05ක් වගේ වටිනව කිව්වා.
එයාට සල්ලි තියනවා.එයාලට පතල් තියනවා. ඒ වගේ එයාගෙ විස්තර කිව්වා.

ඒ එක්කම තමා මට ලං වෙලා හොරෙන් අර රතු කැටය පෙන්නුවේ. ඒක අතෙ තියාගෙන හොරෙන් පෙන්නුවේ.ඊට පස්සේ මට කිව්වා ” ඔයාගේ මාලේ හරි ලස්සනයි.
ඔවා දාගෙන ඉන්න එපා මෙහෙ හරියට හොරු ඉන්නවා ඕක ගලවගන්න කියලා ඉතින් මම ඒක ගලව ගත්තා. ඒ එක්කම එයත් මගේ මාලය අරන් බැලුවා. එතකොටම තමා මොනාද උනේ කියල මට හිතාගන්න බැරි වුනේ.
බස් එක දිහා බාලලා අයේ මෙහෙ බලද්දි එයා නැහැ.
මෙයා එක්ක තව පිරිමි කෙනෙක් හිටියා එහා පැත්තෙන්.එයත් මේකට සම්බන්ධ ඇති. “

මේ පිළිබඳව මීගමුව පොලීසියට පැමිණිලි කර තිබේ.මෙවැනි කූඨ ලෙස සොරකම් කිරීමේ ජාවාරමක් නගර පුරා ක්‍රියාත්මක වන අතර මෙවැනි අයට හසු නොවෙන ලෙස දැනුවත් කර සිටිමු.