බස් කාලසටහනක් නිසා මැර ප්‍රහාරයක් ! මීගමු දේශපාලකයෙකුටත් චෝදනා ?

0
70

attackමීගමුව තලෙයිමන්නාරම දක්වා බස් රථයේ කාල සටහන හා මිගමුව කල්පිටිය දක්වා යන බස්රථයේ කාල සටහනක් එක ලග වැටි තිබිම නිසා කල්පිටිය යන බස් රථයට ආදායම අඩුවි ඇතැයි යන ගැටළුව මත තලෙයිමන්නාරම් බස්රථයේ කාල සටහන වෙනස් කරන ලෙස දන්වා ඇත.
එකි වෙනස් කම් ජාතික ප්‍රවාහන කොමිසම විසින් කළ යුතු බව තලෙයිමන්නරාම් බස් රථයේ හිමිකරුවන් පවසති.ඒ ගැන ජාතික ප්‍රවාහක කොමිසමටද පැමිණිලි 2 ක් මගින් මෙය දන්වා තිබියදි ඊයේ රාත්‍රියේ දළුවකොටුව ප්‍රදේශයේදි තලෙයිමන්නාරම් බස්රථයේ රියදුරාට සහ කොන්දොස්තර වරයාට මැර ප්‍රහාරයක් එල්ල වි තිබේ.
ත්‍රි රෝද රථයකින් සහ යතුරුපැදි 2 කකින්  පැමිණි පිරිසක් විසින් මෙම මැර ප්‍රහාරය සිදුකර ඇත.
පහර කැමට ලක්වු රියදුරාගේ මුහුණ සහ අත්පා ඉදිමි ඇතැයිද වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් කොච්චිකඩේ පොලිසියෙන් අප කළ විමසුමකදි කියා සිටියේය අදාල පැමිනිල්ල ලැබුණ බවත් පහර කෑ රියදුරා රෝහල් ගත කිරිම සදහා අවශ්‍ය යොමුකිරිම් සිදුකළ බවත් පහර දුන් මැර කණ්ඩායම් අත්අඩංගුවට ගැනිම සදහා වහා කටයුතු කරන බවත්ය.
නොච්චියාගම පදිංචිකරුවෙකු වු රියදුරා දැනට මීගමුව රෝහලේ 6 වාට්ටුවේ ප්‍රතිකාර ලබයි.
මේ පහර දිම සම්බන්ධයෙන් මිගමුව කල්පිටිය බස්රථයේ හිමිකරු වන මීගමුව මහනගර සභාවට දළුවකොටුව ප්‍රදේශය නියෝජනය කරමින්  එජාපයෙන් මන්ත්‍රිවරයෙකු ලෙස පත්වු අයෙක් හට චෝදනා එල්ල වි තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here