බහුතරය බලන ඡන්දෙටත් මහින්දලා අදත් බෑ කියයි ! පාර්ලිමේන්තුව යළිත් කල් දමයි !

0
107

MR My 3අද පැවැත්වුන පක්ෂ නායක රැස්විමේදි සියලු පක්ෂ එක්ව යෝජනා කර සිටි ජනපති සිරිසේන විසින්ද අනුමත කළ නම් කියා ගණන් කරන බහුතරය මනින ඡන්ද ක්‍රමයට  මෙන්ම විද්‍යුත් ක්‍රමය මගින් මනින ඡන්ද ක්‍රමය යන දෙකටම එක්සත් ජනතා නිදහස් සන්ධානයේ  මන්ත්‍රිලා බෑ කියා ඇතැයි වාර්ථා වේ.
මේ ගැන ට්ටිටර් සටහනක් තබමින් ඇමති මනෝනේෂන් මහතා එසේ සදහන් කර තිබුණි.
එක්සත් ජාතික පෙරමුණ ද්‍රවිඩ ජාතික සන්ධානය සහ ජනතා විමුක්ති පෙරමුණ විසින් එක්සත් ජනතා සංන්ධානයේ මන්ත්‍රිවරුන්ට මෙය ඡන්දය ගැන යෝජනා කර තිබේ.
අද පාර්ලිමේන්තුව සවස 1. ට රැස්වුවද එය පැවැතියේ විනාඩි 5 ක් තරම් සුළුකාලයකටය. එහිදි නියෝජ්‍ය කථානායකවරයා කියා සිටියේ පාර්ලිමේන්තුව යළිත් නොවැම්බර් 23 වනදාට කල් තබන බවය.