බහුතර කතෝලිකයින් පිරිසක් ජීවත් වන ප‍්‍රදේශයක වෙනත් ජාතීන් සහ ආගම් වලට අයත් ජනතාව සමග සමගියෙන් ජීවත් වීමටත් කටයුතු කළ යුතුයි .ගරු මැල්කම් රංජිත් කාර්දිනල් තුමා

0
82

එළඹෙන ඔක්තෝබර් 11 වනදා සිට 2013 වසරේ නොවැම්බර් 23 දක්වා වසරක පමන කාලය කතෝලික සභාවේ ” විස්වාශයේ වසර ” ලෙස ගරු 16 වන බෙනඩික් පාප් වහන්සේ විසින් නම් කර ඇති අතර ඒ පිලිබදව දැනුම්දීමේ විශේෂ මාධ්‍ය සාකච්ඡුාවක් ඔක්තෝබර් 04 වැනිදා පෙරවරුවේ මීගමුව, තම්මිට කාදිනල් කුරේ මධ්‍යස්ථානයේදී පැවැත්විණි.

ගරු මැල්කම් රංජිත් කාදිනල්තුමා සහ කලාප අනුනායක පැටි‍්‍රක් ප‍්‍රනාන්දු පියතුමා මෙම මාධ්‍ය සාකච්ඡාවේ මුලසුන හෙබවුහ. මෙහිදී කාදිනල්තුමා රැස්ව සිටි පියතුමන්ලා ඇතුළු මාධ්‍යවේදීන් අමතා ප‍්‍රකාශ කලේ පාප්තුමා නම් කර ඇති මෙම වසරක පමන කාලය තුල කතෝලික සභාව ලෙස සිදු කල යුතු මුලික වැඩසටහන් සහ දියත් කල  යුතු වැඩසටහන් කිහිපයක් දැනට සැලසුම් කර ඇති බවයි.

එහිදී ප‍්‍රධාන වශයෙන්ම නුතන සමාජයේ දැහැමි බව පෝෂනය කර දැහැමි ගමනක් යාමට අවශ්‍ය වතාවරණය නිර්මාණය කිරීම සිදු කල යුතුව බවද එතුමා ප‍්‍රකාශ කලේය. මෙම තත්වය නිර්මාණය කිරිමේදී අන් කවරදාටවත් වඩා දහම් දැනුමින් ජනතාව පෝෂනය කල යුතු බවත් පාසල් දරුවන් පමනක් නොව එම දහම් දැනුම වැඩිහිටියන්ටත් ලබා දීමට පියවර ගත යුතුව තිබෙන බවද කාදිනල් තුමා එහිදී වැඩිදුරටත් පැවසීය. විශේෂයෙන් මීගමුව වැනිතෝලිකයන්ටත් වෙනත් අයට මෙන් සමාන අයිතිවාසිකම් භුක්ති විදීමට අවකාශ සලස්වා ගැනීමටත් මෙම වසර තුල කටයුතු කල යුතුව ඇතැයි එහිදී කාදිනල් තුමා විසින් අවධාරනය කරන ලදී. මේ වන විට මීගමුව තුල වෙසෙන කතෝලික ජනතාවට ,  ඇතැම් රාජ්‍ය නිලධාරීන්ගෙන් සහ රජයේ ආයතනයන්ගෙන් විවිධ කෙනහිලිකම් සහ අකටයුතුකම් වලට මුහුණ පෑමට සිදු වන බව ද මෙහිදී අනාවරණය කෙරිණි.
ඉන් පසුව පියතුමන්ලා තිදෙනෙකු විසින් දැනට මීගමුව ප‍්‍රදේශයේ කතෝලික ජනතාවට,   ඔවුන් වෙසෙන ප‍්‍රදේශ වලට සහ ඔවුන්ගේ පරම්පාරික ?කියාවන්ට එල්ලවී ඇති විවිධාකාරවූ ගැටළු සහ අවහිරතා බලපෑම් යනාදීය පිලිබදව විස්තර කරමින් කාදිනල් තුමා ඇතුළු රැස්ව සිටි පිරිස දැනුවත් කලහ. මෙහිදී මත්ද්‍රව්‍ය උවදුර , කලපුව ගොඩකිරීම දීවර රැකියාව නිසි ලෙස කරගෙනයාමට ඇති කර ඇති බාධාවන්  සහ කඩොලාන විනාශ කිරීම යනාදී ගැටළු පිලිබදව වැඩිදුරටත් කරුණු ඉදිරිපත් කෙරිණි.

මෙම මාධ්‍ය සාකච්ජාව සදහා ජාතික මාධ්‍ය ආයතන රැසක් නියෝජනය කරමින් මාධ්‍යවේදීන් සහ බස්නාහිර පලාතේ සේවය කරන පියතුමන්ලා රැසක්ද සහභාගී වූහ.