බ්‍රිටිෂ් ඔප්ටිකල්ස් වෙතින් ගර්භනී මාතාවන්ට විශේෂ පණිවිඩයක්

0
72


දරුවෙකු පිළිසිඳ, දරුවා ලැබීමට සිටින කාලය හෙවත් ගර්භනී සමය තුළ නිසි වෛද්‍ය උපදෙස් වලින් තොරව විවිධ බෙහෙත් ඖෂධ වර්ග ලබා ගැනීමෙන් සහ සරම්ප වැනි එන්නත් ලබා ගැනීමෙන්ද ඉපදීමට සිටින දරුවා,ඇස් විකෘතිව ඉපදීම සිදුවිය හැක. එලෙසම ඉපදෙන දරුවාගේ ඇස් වල පටක වල අඩුපාඩු ඇතිවීම, නිසා ඇස් හරියාකාරව වැඩී නොමැතිව දරුවා ඉපදීම සිදුවිය හැක. ඒ වගේම ඉපදෙන දරුවා මන්ද පෝෂණයෙන් පෙළෙන දරුවකු ලෙස ද ඉපදිය හැක.
එ නිසා ගර්භනී සමය තුළ කාලය ගත කරන මව්වරුන් කුමන හෝ අසනීප තත්ත්වයකදී සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකුගෙන් නිසි වෛද්‍ය උපදෙස් ලබාගෙන, එම වෛද්‍යවරුන්ගේ නිර්දේශය මත පමණක් බෙහෙත් ඖෂධ ලබාගත යුතුවේ. එලෙසම එන්නත් කරන කාර්යයකදීද ඒ සඳහා  සුදුසුකම්ලත් නිසි වෛද්‍යවරුන්ගෙන් පමණක් වෛද්‍ය උපදෙස් ලබාගෙන එම එන්නත් ලබා ගත යුතු බව අමතක නොකරන්න.
එය ඔබෙත්, ඉපදෙන්නට සිටින ඔබේ දරුවාගේත් යහපත් සෞඛ්‍ය තත්ත්වයට හේතු වනු ඇත.