( 3.30 pm ) බ්ලු ස්ටාර් සැමන් ටින් එකක මිනිස් ආහාරය නුසුදුසු තත්වයක වු සැමන් පිළිබදව කුරණ කටුනායක ප්‍රදේශයේ ගෘහණියක් මිගමුවේ මහජන සෞඛ්‍ය පරික්ෂක කාර්යාලයේ නිලධාරින් වෙතද දැනුම් දි තිබුණි.
අදාල ඡායාරූපද වට්ස්ඇප් මාර්ගයෙන් යවා තිබුණි.
දින කිපයක් ගත වු පසු අප මේ අදාල මහජන සෞඛ්‍ය පරික්ෂකවරයාගෙන් කරුණු විමසා සිටියදි ඔහු පවසා සිටියේ මේ සැමන් ටින් ඒක මිළට ගෙන තිබුනේ කටුනායක ප්‍රදේශයේ සුපිරි වෙළද සැලකින් නිසා ඒ් සියළු විස්තර සීදුව මහජන සෞඛ්‍ය පරික්ෂක කාර්යාලයේ අදාල නිළධාරියෙකු වෙත යොමු කළ බවය.
කෙසේ වෙතත් අදාල සැමන් නිෂ්පාදන ආයතනය මෙන්ම මේ පැමිණිල්ල කරන ලද ගෘහණිය අයත් වන්නේ මීගමුව මහජන සෞඛ්‍ය පරික්ෂක කාර්යාල කොට්ටාශ සිමාවටය.
ප්‍රමිතියෙන් තොර සැමන් අලෙවි කරන ලද වෙළද සැල පිහිටා තිබුනේ සිදුව මහජන පරික්ෂක කාර්යාලයේ සිමාව තුලය.
මේ කිසිවෙකුගෙනුත් අදාල ගෘහණියගේ පැමිණිල්ලට සාධාරණයක් ඉටුව ඇති බවක් නොපෙනේ . අදාල සැමන් නිෂ්පාදනය ආයතනය ඇයට සැමන් ටින් කිපයක් හෝ මුදල් ලාබදිමට විමසා සිටියද ඇය ඒය තරයේ ප්‍රතික්ෂේප කරමින් කියා තිබුනේ මිනිස්සුන්ට කන්න පුලුවන් සැමන් හදන්න ඒ් විතරක් ඇතැයි කියාය.
මේ අතර මහජන සෞඛ්‍ය පරික්ෂක සංගමයේ ප්‍රධානියා පසුගියදා කියා තිබුනේ මෙ උත්සව සමයේ සමයේ වැටලිම් වැඩිකරන බවය.