( 12.30 pm ) බොහෝ දෙනෙකු බොහෝ විට සැමන් ආහාරයට එක්කරගනු ලබන්නේ වෙනසකටත් එක්කය.ඒ සැමන් රසට කව්රුත් කැමති නිසාවෙනි.
පසුගිය දිනක කුරණ ප්‍රදේශයේ ගෘහණියක්ද සිය දිවා ආහාර වේලට සැමන් පිළියෙල කරගැනිමට සුදානම් වුවාය.
සැමන් ටින් එක කැඩු පසු වැටහි ගියේ එහි බහාලු සැමන් කැබලි පිටි පිටි මෙන් තත්වයක පැවතුන බවය.එමෙන්ම සැමන් ටින් එකේ වු දියරද වෙනස් බව ඇයට නිරික්ෂණය විය.
ඇය වහාම සැමන් ටින් එකේ තිබු දුරකථනයට ඇමතුමත් ගත්තාය.පෙරලා පිලිතුරු ලැබුනේ පැයක් ඇතුලත සැමන් නිෂ්පාදන ආයතනයට සම්බන්ධ නියෝජිතයෙකුව පැයක් ඇතුලත එවන බවය.
මේ පැය දැන් පැය 72 කුත් පසුව ගියද කිසිදු නියෝජිතයෙකු පොරොන්දු වු පරිදි පැමිණ තිබුනේ නැත.
මේ අතර අපගේ පුවත සම්බන්ධයෙන් මිගමුව මහජන සෞඛ්‍ය පරික්ෂක කාර්යාලයද සිය විමර්ශන ආරම්භ කර ඇති බව දැනගන්නට ලැබුනි.කෙසේ වෙතත් දැනටමත් වාර්තා වන අන්දමට බ්ලු ස්ටාර් සැමන් ආයතනයේ සැමන් වල ප්‍රමිතිය පිළිබදව දැනටමත් ගැටළු රැසක් මතුව තිබෙන බවද වාර්තාවේ.
තතු එසේනම් මිනිස් පාරිභෝජනයට අහිතකර නිෂ්පාදනයන් සිදුකරන ලබන සියලු ආයතන වලට එරෙහිව නීතිය උපරිමයෙන් ක්‍රියාත්මක විය යුතුව තිබේ.
මිගමුව මහජන සෞඛ්‍ය පරික්ෂක කාර්යාලය මේ කරුණට අදාලව සිය මැදිහත්විම කඩිනමින් සිදුකර අවශ්‍ය ක්‍රියාමාර්ග වෙත යොමුවනු ඇතැයි අප විශ්වාස කල්පපනා කලෙමු. පසුව දැනගන්නට ලැබුනේ මේ සැමන් මිළට ගෙන ඇත්තේ කටුනායක ප්‍රදේශයේ සුපිරි වෙළද සැලකින් බැවින් එය අයත් වන්නේ සිදුව මහජන සෞඛ්‍ය පරික්ෂක කාර්යාලයට බවය.
බ්ලු ස්ටාර් සැමන් ආයතනය අදාල ගෘහනියගේ නිවසට පැමිණෙනවා වෙනුවට ඇය අමතා කියා තිබුනේ ඇයට අලුත්ම සැමන් ටින් හය හතක් ගෙනවිත් දෙන්නම් කියාය.
පසුව ඇය කියා තිබුනේ සැමන් අනවශ්‍ය බවත් මිනිස් පරිභෝජනයට සුදුසු ලෙස සැමන් නිෂ්පාදනය කිරිම වඩාත් වැදගත් බවත්ය.
එවිට අදාල නියෝජිතයා කියා තිබුනේ ගිණුුුම් අංකය ඒවන ලෙසය. ඇය ඒයද ප්‍රතික්ෂේප කර තිබුණි.
දැනට වාර්ථා වන අන්දමට අදාල සැමන් ආයතනට ඒරෙහිව නඩු ගොඩක් ඇත බවය. මිගමුව මහජන සෞඛ්‍ය පරික්ෂක කාර්යාලයේ වගකිම වන්නේ මෙවැනි මිනිස් පරිබෝජනයට නුසුදුසු නිෂ්පාදන වෙළදපලට ඒවන අයට ඒරෙහිව දැඩිව නිතිය ක්‍රියාත්මක කිරිමය.