ඔහුව අත්අඩංගුවට ගැනීම පිළිබදව අදහස් පල කල අරාබි ජාතික විචාරකයෙකු වන Sultan Al Qassemi පවසා සිටියේ මෙම පුවතින් තමන් වඩාත් කනගාටුවට පත්වන බවත් මෙලෙස අත්අඩංගුවට ගැනීම් එම කලාපයේ කාලයේ සළකුණු බවත්ය.
එලෙසම 2011 මාර්තු මස අත්අඩංගුවට පත්වූ Mohammed Al Maskati ප්රශ්ණ කරන්නේ අපි අපගේ ගමන්මළු අසුරා ගත යුතුද ඊලඟට කවුරැන් අත්අඩංගුවට පත්වනනේද යන්න පිළිබදවයි.
මෙලෙස බහරේනය පුරාම පසුගිය 2011 වසරේ පෙබරවාරි මස සිටම දේශපාලන හා ආර්ථික කටයුතු සඳහා මිනිසුන් දහස් ගණනක් අත්අඩංගුවට ගෙන ඇති බවත් වාර්ථා වෙයි.