බ්‍රසිලියානු පාපන්දු ලෝලින්ගෙන් FIFA සංවිධායකයන්ට විරෝධය…

0
159

බ්‍රසීලයේ 2014දී පැවැත්වීමට නියමිත ලෝක කුසලාන පාපන්දු තරඟාවලියේ සත්කාරකත්වය දරන බ්‍රසීලයේ නගර 12 අතුරින් එක් නඟරයක් වන සැල්වදෝර් නගරයේ ක්‍රීඩා පිටිය ආශ්‍රිතව එහි පදික වෙළඳුන්ට එම නගරයට ආවේනික  වන ඇකරාජේ නම් ආහාරය අලෙවි කිරීම බලධාරීන් විසින් තහනම් කිරීම මේ දිනවල බ්‍රසීලයේ දැඩි කතාබහට ලක්වී ඇත.බ්‍රසීලයේ අන්තර්ජාතික පාපන්දු සම්මේලනය පසුගිය ඔක්තෝබර් මාසයේදී ප්‍රකාශයට පත්කල පරිදි එම ෆොන්ටෙ නෝවා ක්‍රීඩාංගනය ආශ්‍රිතව පදික වෙළඳුන්ට ආහාර අලෙවිය තහනම් වන්නේ එම අයිතිය ලංසු ඉදිරිපත් කරන්නෙකු වෙත හිමිවීම  නිසයි.අප්‍රිකානු සම්භවයක් සහිත මෙම ඇකරාජේ නම් ආහාරය බ්‍රසීලියානු සංස්කෘතික සංකේතයක් වන අතර එය සාම්ප්‍රධායිකව සැල්වදෝර් නඟරයේ පාපන්දු ක්‍රීඩා පිටි ආශ්‍රිතව අලෙවි කෙරැණා.

එලෙසම සැල්වදෝර් නඟරයේ ෆොන්ටේ නෝවා ක්‍රීඩාංගනයේ අළුත්වැඩියා වලින් අනතුරැව පසුගිය අප්‍රේල් 5වන දින නැවත ව්වෘත කිරීමත් සමඟම එම දිනයේදීම FIFA සංවිධානය විසින් එම ක්‍රිඩාංගනයේ නම ලෙස පැවැති හිටපු බ්‍රසීලියානු ප්‍රසිද්ධ පාපන්දු ක්‍රිඩකයෙකු වූ මානේ ගර්රින්චාගේ නම ඉවත් කිරීම සිදු කෙරැණා.ඔවුන් ඒ සදහා හේතු වශයෙන් දන්වා සිටියේ මෙම ක්‍රීඩකයා‍ගේ නම ලෝක කුසලාන පාපන්දු තරඟාවලිය තරම් අන්තර්ජාතික මට්ටමේ තරඟයක ක්‍රීඩාපිටියකට සුදුසු නොවන බවයි.මෙලෙස ලෝක කුසලාන පාපන්දු තරඟාවලියෙන් බ්‍රසීලියානු සංස්කෘතිය ඉවත් කිරීමට FIFA සංවිධානය දරන උත්සාහය සියලු දෙනාගේම දැඩි විවේචනයට ලක් වී තිබෙනවා.

තවද මෙම ෆොන්ටෙ නෝවා ක්‍රීඩාංගනය යලි විවෘත කල දිනයේදීම ඇකරාජේ වෙළඳුන් ක්‍රීඩාංගනය ඉදිරිපිට තමන්ගේ සාම්ප්‍රධායික ඇදුමින් සැරසී ඔවුන්ට එම ආහාරය අලෙවි කිරීමට ඇති අයිතිය වෙනුවෙන් උද්ඝෝෂණයක් සංවිධනය කර තිබුණා.එහිදී ඔවුන් ඒ පිළිබඳ පෙත්සමක් ජනාධිපති උපදේශකවරයෙකු වෙත බාර දෙනු ලැබුවා.

මෙම පදික වෙළඳුන් හා FIFA සංවිධානය අතර පැවතෙන ප්‍රශ්ණය පසුගිය වසරේ සිටම පැවතෙන්නක්.එම ගැටලුව දැන් අන්තර්ජාලය හරහා පෙත්සමකට අතසන් ගැනීමක් දක්වාම වර්ධනය වී අවසන්.

FIFA  සංවිධානයේ යෝජනාව පරිදි ලෝක කුසලාන පාපන්දු තරඟ පැවැත්වෙන ක්‍රීඩාංගණ වල සිට කිලෝමීටර 2ක දුරක් තුල පදික වෙළඳුන්ට වෙලදාම් කිරීම තහනම් අතර මෙම තීරණය බ්‍රසීලියානු සාම්ප්‍රධායික ආහාර වෙලඳුන් මෙම තරඟාවලියෙන් ඉවත් කිරීමට හේතු වී තිබෙනවා. FIFA  සංවිධානය ඇකරාජේ නම් ආහාරය ක්‍රීඩාංගණ තුල විකිණිමට අවසර දී තිබුනත් එම අවසරය හිමිවී තිබෙන්නේ බ්‍රසීලයේ සාම්ප්‍රධායික ආහාර වෙලඳුන් සදහා නොවීම Facebook, Twitter වැනි සමාජ වෙබ් අඩවි හරහා දැඩි කතා බහට ලක්වී තිබෙනවා.

තවද බ්‍රසීල ජාතික පාපන්දු කණ්ඩායමේ 1955 සිට 1966 දක්වා ක්‍රීඩා කල මානේ ගර්රින්චා නම් ප්‍රසිද්ධ පාපන්දු ක්‍රීඩකයාගේ නම ජාතික පාපන්දු ක්‍රීඩාංගණයේ නමින් ඉවත් කිරීම බ්‍රසීලියානුවන් දැඩි කම්පනයට පත් කල තීරණයක් වී තිබෙනවා.නමුත් FIFA සංවිධායකයින් දැඩි ලෙස ප්‍රකාශ කර සිටින්නේ ලෝක කුසලාන පාපන්දු තරඟාවලිය තරම් ජාත්‍යන්තර මට්මමේ තරඟයකට මෙම නම නොගැලපෙන බවයි.මෙම තීරණය බ්‍රසීලියානු පාපන්දු ලෝලීන් විසින් සලකන්නේ  ඔවුනගේ සංස්කෘතිය දැඩි ලෙස අවමානයට ලක් කිරීමක් ලෙසයි
ග්ලොබල් වොයිස් ඇසුරිනි-
පරිවර්ථන සටහන -චින්තිකා මිතිලායා.