spot_img
spot_img
spot_img
Friday, January 24, 2025

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
spot_img
Home Editor's Choice බ්‍රැන්ඩික්ස්,පෑලියගොඩ පොකුර 14000 ඉක්මවයි ! ඇමති පැලියගොඩ විවෘත කරන බව කියයි !

බ්‍රැන්ඩික්ස්,පෑලියගොඩ පොකුර 14000 ඉක්මවයි ! ඇමති පැලියගොඩ විවෘත කරන බව කියයි !

0
113

ධිවර ඇමති

(1.00 pm ) ඊයේ (16) දිනය තුළ නව කොවිඩ් ආසාදිතයින් 382 දෙනෙකු හඳුනා ගෙන තිබේ.

ඉන් පුද්ගලයින් 374ක් විදේශීය රටවල සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකීක මුහුදු ආරක්ෂකයින් 5 දෙනෙකු වන අතර තිදෙනෙක් විදේශීය මුහුදු ආරක්ෂකයින් වන බව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.ඒ අනුව මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලට සහ කොළඹ මාළු වෙළෙඳසැළට සම්බන්ධ කොවිඩ් පොකුරේ සමස්ථ ආසාදිතයින් ගණන 14,154ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මේ අතර පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණය නැවත කඩිනමින් සෞඛ්‍ය ක්‍රමවේදවලට අනුගත වෙමින් විවෘත කරන බවත් එහි දී තොග වෙළදාම  පමණක් පළමුව සිදුකරන්නට අවශ්‍ය කටයුතු සිදු කෙකෙරමින් පවතින බවත් ධීවර රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතා ප්‍රකාශ කර ඇත

එහි දී පැමිණෙන සියලු වෙළදමහතුන් ලියා පදිංචි කර ගැනීමට කටයුතු කර නව ක්‍රමවේදයක් ඔස්සේ කටයුතු කරන ලෙසත් මුදල් නෝට්ටු භාවිතය වෙනුවට ‘කිව් ආර්’ ක්‍රමය භාවිතා කරමින් ගනුදෙනු කිරීම සදහ ලංකා බැංකුව සමග ඒකාබද්ධ ක්‍රියාවලියක් ආරම්භ කිරීමට කටයුතු කරන ලෙසත් රාජ්‍ය අමාත්‍යවරයා නිලධාරින්ට උපදෙස් දි ඇතැයි ලංකාදිප වෙබ් අඩවිය වාර්ථා කර තිබුණිධීවර අමාත්‍යංශයේ නිලධාරීන්, සෞඛ්‍ය අමාත්‍යංශයේ සහ ආරක්ෂක අංශ නිලධාරීන් සමග පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණය නිරීක්ෂණය කිරීමෙන් පසු විජේසේකර මහතා මේ උපදෙස් දි ඇතැයි එම පුවතේ වැඩිදුරටත් සදහන්ය
මුලාශ්‍රය – ලංකාදිප

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here