බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුර 569 දක්වා ඉහලට..

0
48

Image41මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ ඊයේ දිනයේ සිදුකරන්නට යෙදුනට PCR පරික්ෂණ 1100 ප්‍රථිපල මේ වන විට නිකුත් වෙමින් තිබේ.ඒ අනුව තවත් කොරෝනා ආසාදිත රෝගීන් 246ක් ⁣මේ මොහොත වන විට වාර්ථාවි තිබේ.මේ අනුව බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුර 569 ක් දක්වා ඉහලට ගොස් තිබේ.අද පෙරවරුව වන එම ගණන 321 ක්ව පැවතුණි .ඉන් කියැවෙන එක පැහැදිලි කරුණක් තිබේ.එනම් මේ ආයතනය තුල කොරෝනා බරපතල ලෙසින් පැතිර ගොස් ඇති බවය.එවැනි ආයතනවල සලාකාර සෞඛ්‍ය  නියමයන් නිසි අයුරින් පිළිපැද තිබුනේද යන කරුණද මෙහිදි බරපතල ලෙස මතුවෙමින් තිබේ.මේ අතර ඇතැම් සේවක සේවිකාවන් පවසා ඇත්තේ රෝගි තත්වයන් යටතේ පවා ඇතමුන්ගෙන් වැඩගෙන ඇති බවය.මේ අනුව ප්‍රදේශවාසින්ගෙන්ද මේ වන විට බරපතල විවේචනයක් ඉදිරිපත්වි තිබේ.මෙරට සෞඛ්‍ය බලධාරින් නිසි අයුරින් PCR පරික්ෂණ සිදුනොකිරිම ගැන මේ වන පුලුල් කතා බහක් සමාජය තුල මතුව තිබේ.