බ්‍රැන්ඩික්ස් , පෑලියගොඩ කොරෝනා පොකුර 5607 ක් දක්වා ඉහලට !

0
202

brandix-peliyagodaකොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 211 දෙනෙකු හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසා සිටි අතර ඉන් 202 දෙනෙක් මීට පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් වන අතර අනෙක් 9 දෙනා නිරෝධායන මධ්‍යස්ථානවලින් හඳුනාගෙන තිබේ.

එම 202 දෙනාගෙන් 140 දෙනෙක් දැනට ඇඳිරිනීතිය පනවා ඇති ප්‍රදේශ වලින් හමුවූ බව සඳහන් වන අතර   මේ දක්වා මිනුවන්ගොඩ – පෑලියගොඩ කොවිඩ් පොකුරෙන් හමු වී ඇති ආසාදිතයින් ගණන 5,607ක් දක්වා ඉහල ගොස් තිබේ.
PCR 4
මේ අතර පසුගිය දිනවල සිදුකරන්නට යෙදුන විශාල PCR පරික්ෂණ ගණනක ප්‍රථිපල දින ගණනාවක් පමාවිම හේතුවෙන් දැනටමත් ගැටළු රැසක් මතුව තිබේ.
පසුගිය සිකුරාදා මිගමුවේ දි සිදුකරන්නට යෙදුන PCR පරික්ෂණ 320 ප්‍රථිපල මේ දක්වා ලැබිනොමැත. මේ පිරිස අතර 100 කට ආසන්න ප්‍රමාණයක් පෑලියගොඩ මාළු වෙළඳ සැල හා සෘජු සම්බන්ධතා පැවැත්වු ධිවර ව්‍යාපාරියක්යන්ද වෙති

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here