බාල්දි හංදියේ අප්‍රේල් 21 විරෝධතාවය අදත් පැවත්විණි !

0
44
sdr

පාස්කු ඉරුදින ප්‍රහාරයට විරුද්ධව හැම මාසෙකම අප්‍රේල් 21 බාල්දි හංදියේ පැවැත්වෙන විරෝධතාවය මෙදා සැරෙත් පැවැත්වුණා.
වෙනදට වඩා ටිකක් සෙනග ඇවිත් හිටියාIMG 20250421 WA02091 IMG 20250421 WA02101 IMG 20250421 WA01961 IMG 20250421 WA01991 IMG 20250421 WA01931 IMG 20250421 WA01941

යුක්තිය ඉටුවෙනකම් ඉන්න ටික ටික දෙනාගෙන් හරි වැඩේ කෙරෙනවා . බ්‍රිටෝ ප්‍රමුඛ කට්ටිය එහෙම තමයි හිතන්නේ .

හැබැයි කටුවාපිටියේ වින්දිතයෝ එහෙම මෙතනට එන්නෙම නැ. පල්ලියේ ස්වාමි ලැස්ති නෑ මාසිකව පැවැත්වෙන මේ විරෝධතාවය සම්බන්ධ වෙන්න හරි සෙනගව සම්බන්ධ කරන්න .
පාස්කු ඉරුදින ප්‍රහාරයට විරුද්ධව යුක්තිය වෙනුවෙන් සටන් කරනවා යැයි කියන එතුමන්ලාට බාල්දි හංදියට ඒ් ගන්න බැරිවෙන්නෙ ඇයි කියල තාමත් හිතාගන්න බෑ.
සමහරවිට කාර්නල් හිමියන්ගෙන් කොළපාට සිග්නල් ඒකක් නැති හින්ද වෙන්න ඇති.
අනේ මන්ද ?
කොහොම හරි අද නම් කාර්දිනල් උන්නාන්සේ විනාඩි කිපයකට හරි බාල්දිහංදියට ඇවිත් එතන හිටපු උද්ගෝෂකයන්ට කථා කළා.
මේ වැඩේ සංවිධානය කරන මිගමු පුරවැසි එකතුවත් එයාලගේ සංවිධාන තුනක ඉන්න කාන්තාවන්ව කොහොම හරි හැම  මාසෙම මෙතනට අරන් ඇවිත් වැඩේ ගොඩ දාගන්නව මිසක් මිගමුවේ තවත් අයට මේ වෙනුවෙන් ගොනු කරන්න උත්සාහයක් ගන්න බවක් පෙන්නේ නැ.
අඩුම තරමේ මේ ම්ලේච්ඡ ඝාතනයට වසර 6 ක් පිරෙන දවසෙවත් මිගමුවේ ඉන්නේ  පුරවැසියන් මෙතනට අරන් එන්න බැරිවෙලා තියෙනවා .
මේ සංවිධානවල ඉන්න සේවකයොයි කාන්තා සංවිධානවල අයයි මේ වැඩේ අතඇරපු දාට වැඩේ හබක් .

මේ වැඩේ මිගමුවේ NGO දෙක තුනක් අතට ගත්තු හින්දද වැඩේ අල වෙලා තියෙන්නේ . අනේ මන්ද මිගමු පුරවැසි කමිටුව මේ අභියෝගය අනිවාර්යෙන්ම ජයගන්න ඔ්නා .
හැබැයි ඒකට වැඩපිළිවෙලක් තියෙනවද කියල නම් පේන්නේ නැ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here