බාලා තම්පෝ සහෝදරයාට උත්තමාචාරය – මාධ්‍ය නිදහස සදහා ක්‍රියාකාරී කමිටුව

0
51

ලංකාවේ අසමසම වෘත්තීය සමිති නායකයා, බාලා තම්පෝ සහෝදරයා වෘත්තීය සමිති හා සමාජ ක්‍රියාකාරිත්වය අවසන් කරමින් ජීවිතයෙන් සමුගෙන ඇත. බාලා, වසර අනූ දෙකකට වැඩි කාලයක් ජීවත් වෙමින් ලාංකික පීඩිත හා වැඩකරන ජනතා අරගලයන්ට නායකත්වය දුන් අභීත නායකයෙකි. මාක්ස්වාදයෙන් පෝෂනය වූ සිය දේශපාලන භාවිතාව ලංකා සමසමාජ පක‍ෂයෙන් ආරම්භක කළ බාලා තම්පෝ මහතා 1964 දී සමසමාජ දේශපාලනයට සමුදෙන ලදී.

ලංකා වෙළඳ සේවක සංගමයට වසර හැටකට වැඩි කාලයක් නායකත්වය දුන් ඔහු ලංකාවේ වැඩවර්ජන සටන් ඉතිහාසයට අමිල අත්දැකිම් සමූහයක් එකතු කළ නායකයෙකි. දරුණු පාලනයකට යටත්ව තිබූ ලේක්හවුස් ආයතනයේ ද මාධ්‍යවෙදීන් හා මාධ්‍ය සේවකයන්ට නායකත්වය දෙමින් වෘත්තීය සමිති ශාඛාවක් ගොඩ න`ගන ලදී. මාධ්‍ය නිදහස වෙනුවෙන් මාධ්‍ය සංවිධාන ගෙනගිය අරගලයන්හිදී ද ඔහුගේ සහාය නිබඳව හිමිවු බව නිවේනයක් නිකුත් කරමින් මාධ්‍ය නිදහස සදහා ක්‍රියාකාරී කමිටුව පවසයි.

මාධ්‍ය නිදහස සදහා ක්‍රියාකාරී කමිටුවේ ධර්මසිරි ලංකාපේලි,සමන් වගආරච්චි හා ලසන්ත රුහුණගේ යන මහත්වරුන්ගේ අත්සනින් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සදහන් වන්නේ,

විධායක ජනාධිපති ක්‍රමයට හා ඒ මත බිහි වූ රාජ්‍ය නායකයන්ගේ ක්‍රියාකළාපයන්ට සෘජුව විරෝධය පළකල නායකයෙක් වු බාලා 2010 ජනාධිපතිවරණය පිළිබඳව ලංකා වෙළඳ සේවක සංගමය නිකුත් කළ නිවේදනයේ සඳහන් වැකි කිහිපයක් උදෘතයන් ලෙස ගෙනහැර දක්වන්නේ ඔහුගේ අදීන කමට ගෞරවය පිණිසය.

” විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළයුතු බවට අප සංගමය එක`ග වන්නේ ජනතාවගේ මූලික සමාජ ආර්ථීක අවශ්‍යතාවයන් සංවර්ධනය කිරීමට පමණක් නොව ජනතාවගේ ආරක‍ෂාව හා මූලික ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් මෙන්ම සිවිල් සංවිධාන ක්‍රියාකාරිත්වය ඉහළ නැංවීමට බරපතල ලෙස බාධාකරන නිසාය” මින් පෙර ද අප සංගමය විධායක ජනාධිපතිවරණයක දී කිසිදු අපේක‍ෂකයෙකුට සහයෝගය නොදුන් අතර අප මහින්ද රාජපක‍ෂට සහයෝගය පළකරන්නේ ද නැත. මොක ද ඔහුට පොදු ජනතාවගේ අපේක‍ෂාවන් ඉටුකිරීමට හැකියාවක් නොමැති නිසාය.

එලෙස ඔහුගේ ජීවන අත්දැකීම් හොඳින් පරිශීලනය කළවිට සනාථ කරනුයේ, මොනම බලවතෙකු ඉදිරියේ දී වුවද, ඔහුගේ නොනැමෙන පෞර්ෂත්වය හා තමන්ගේ මතය සෘජු ලෙස ප්‍රකාශ කරන අභීත නායකයෙකු බවය
LankaFocusNews