බාලිකාවේ විදුහල්පතිනිය සහ රෝස පාට කල්ලිය

0
490
gulaab_gang
රාජ් පාල් දේවී

Gulab-Gangගුලාබ් ගැන්  කියන එකේ තෙරුම ‘රෝස පාට කල්ලිය කියන එකයි. ඒ වගේම මේක චිත්‍රපටයක්.
Gulab Gang   කියන්නේ 2011 ඉන්දියාවේ තිරගත  වූ   චිත්‍රපටයක්.  මෙහි අධ්‍යාක්ෂකවරයා සුමික් සෙන්. චිත්‍රපටයේ  ප්‍රධාන චරිත දෙකට පණ පොවන්නේ රංගන ශිල්පිනියන් වන මධුරි ඩික්සිත් සහ ජූහී චව්ලා.  චිත්‍රපටයේ ප්‍රධාන චරිතය මධුරි ඩික්සිත් රගදක්වන්නේ ගුලාබ් ගැං හෙවත් මේ රෝස පාලට කල්ලියේ නායිකාව (රජ්ජෝ ) ගේ චරිතයයි. මේක චිත්‍රපටියක් වුණත් මෙහි කතා නායිකාව තාමත් ඉන්දියාවේ ජීවත් වෙනවා.
සම්පත් පාල් දේවී ඉන්දියොවේ සමාජ ක්‍රියාකාරිනියක්.  Sampat Pal Devi,
දරිද්‍රතාවයට හා පීඩනයට එරෙහිව සටන් වදිනමෙම කණ්ඩායමේ නායිකාවයි. ඇයගේ නායකත්වයෙන් යුතුව ඉන්දියොවේ  මධ්‍ය ප්‍රදේශයේ  ජීවත්වන කාන්තාවන්ගේ සංවිධානයක් ගොඩනැගී ඇත අතර මේ වනවිට ඔවුන්ගේ සාමාජිකත්වය  ලක්ෂ 2 ඉක්මවා තිබෙනවා. ඒ වගේම ඔවුන්ගේ නියෝජිතයන් දේශපාලයට ද පිවිස මැතිවරණයටත් ඉදිරිපත් වී තිබෙනවා. ඉතාම දුප්පත්, කුලහින කාන්තාවන්ගෙන් සැදුම්ලත් මේ රෝසපාට කල්ලිය ඔවුන්ගේ ප්‍රශ්න විසදාගැනිමට ඔවුන්ගේම ක්‍රමයක් අනුගමනය කරනවා.

මේ චිත්‍රපටය දිගහැරෙන්නේ මෙම ගුලාබ් ගැන් හෙවත් රෝස පාට සාරි හැදගත් කාන්තාවන්ගේ නැගී සිටීම පිළිබදවයි. මෙහි  රජ්ජෝ ට රගන මධුරි ඩික්සිත්  තමන්ගේ ප්‍රජාවට අයත් වහල් උරුමයට වෙනස්ව මූලික අධ්‍යාපනයක් ලබාගන්නා අතර ඇය සිය ගමේ දරුවන්ට ද අධ්‍යාපන දෙන පාසලක් ගොඩනගයි. නමුත් මෙහි දරුවන්ට ලැබෙන්නේ මූලික අධ්‍යාපනයක්. ගමේ දරුවන් උසස් අධයාපනයට එතෙර කරන්නට ගමට පාසලක් තනා දීම තමයි ඇගේ සිහිනය.
ඒ වගේම , විදුලිය හා ආහාර නොමැතිකමත්, කුලහීන කාන්තාවන් ලෙස එම සමාජයෙන් ලබන පීඩාවන්ට එරෙහිව  කාන්තා බලඇණියක් ඇය වටා  සංවිධානය වෙයි.
තමන්ගේ ආහාර ටික උදුරා ගන්නා, තමන්ව රවටා දේශපාලන වාසි වෙනුවෙන් ඔවුන්ව අතකොළුවක් කරගන්නා, දෑවැදී, බාල විවාහ, ස්ත්‍රී දූෂණ මේ සියලු පීඩාවන්ට එරෙහිව සංවිධානය වන ඔවුන් කණ්ඩායමක් ලෙස මැදිහත් වී තමන්ගේ ප්‍රශ්න විසදා ගනියි.
මේ ගුලාබ් ගැන් එකේ කාන්තාවෝ අදින්නේ රෝස පාට සාරි. මොකද ඔවුන්ගේ සාමාජිකත්වයේ අනන්‍යතාවය ඒක. ඒ වගේම  රිටකුත් සමග තමයි ඔවුන් ගමන් කරන්නේ.
maxresdefault
රජ්ජෝ තමන්ගේ ගමේ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් අවසානයේ දේශපාලනයට ද පිවිසෙනවා. නමුත්  ආසියාතික දේශපාලනයේ තිබෙන චෞර කම් වලට මුහුණ දෙන්නට ඇයට හැකිවන්නේ නැහැ. ඒ වුවත් ඇය ඇගේ අරමුණ අත්නොහරින අතර ඔවුන්ගේ ක්‍රමයට සටනක් මෙහෙයවනවා. ජුහී චව්ලා නියෝජනය කරන දේශපාලන සම්ප්‍රදායේ ඇති ප්‍රචන්ඩත්වයට මුහුණ දිමට රජ්ජෝ සටන් ක්‍රමයක් ද යොදා ගන්නා අතර මෙම  සටන් ක්‍රමය සම්පත් පාල් දේවීගේ ( ගුලාබ් ගැන් )  කණ්ඩායමේ කාන්තාවන් සිය ආරක්ෂාව වෙනුවෙන් යොදා ගන්නා පොලු හරඹයි.
චිත්‍රපටයෙහි රජ්ජෝ සිරගත වන අතර ඇයගේ සිහිනය ඉටුවෙයි.
මේ ‘ ගුලාබ් ගැන්’ චිත්‍රපටය නියෝජනය කරන්නේ ඉන්දියාවේ එක්තරා සමාජ කණ්ඩයාමක්  ධනවාදය තුළ අත්විදින අන්ත දරිද්‍රතාවය හා ලිංගික මෙන්ම වාර්ගික පීඩාවට එරෙහිව සටන්වැදීමයි.
තමන්ගේ ගෞරවය හා ලිංගික නිදහස මෙන්ම අයිතිවාසිකම් වෙනුවෙන් කරන සටනට මෙම චිත්‍රපටය හරහා විශාල උපහාරයක් කර තිබෙනවා මෙන්ම එය සාධාරණය කර තිබෙනවා.
දැන් මේ රෝස පාට කල්ලිය මිගමුවේ හිටියා නම් අනිවාර්්‍යයෙන්ම අර මුන්නකරයේ ඉන්න අම්මා ඒ කියන්නේ තමන්ගේ දුවව නිව්ස්ටඩ් එකෙන් අස්කළා කියලා අධ්‍යාපන කාර්යාලයට ගිහින් පැමිනිලි කරපු කාන්තාවට සාධාරණයක් ඉෂ්ඨ වෙන්ඩ තිබුණා.
ඒ වගේම දරුවන්ගේ මූලික අයිතිවාසිකමක් වන අධ්‍යාපනය වගේ දෙයක් මේ විදිහට වානිජකරණයට ලක්කිරීම අපරාධයක්. ඒක අපරාධයක් කියලා සමාජයේ කවුරුවත් හිතන්නේ නැහැ.   බාලිකාවේ විදුහල්පතිනිය වගේ අය ඉන්නකම් කවදාවත් දුප්පත් දරුවන්ට මේ අධ්‍යාපන ක්‍රමයට ගොඩවෙන්ඩ ලැබෙන්නේ නෑ, සල්ලි නැත්නම්.
ඉතින් එහෙම තත්ත්වයක් පාලනය කරන්ඩ කොයිතරම් නීති ගෙනාවත් දූෂිත නිලධාරීන්ව මේ ක්ෂේත්‍රයෙන් ලේසියෙන් පලවා හරින්ඩ බැහැ. ඒ දෙමාපියන් එකට එකතු වුණොත් පුලුවන්.ඒ අයව මේ සමාජය ඉදිරියේ හෙළදරව් කරලා ලැජ්ජාවට පත්කළ යුතුයි.
මොකද ඒ කාන්තාවට සිද්ධ වුණා අනිත් හැමොටම වගේ තමන්ගේ දුවව නිව්ස්ටඩ් බාලිකාවට දාගන්ඩ සල්ලි ලක්ෂ 2ක් දෙන්ඩ. බාලිකාවේ විදුහල්පතිනිය කොයි තරම් දක්ෂද ? තමන්ගේ අතට සල්ලි ගන්නේ නැතිව, තැරැව්කාර කාන්තාවන් ද හවුල් කරගෙන දුප්පත් දරුවන්ගේ අධ්‍යාපන සිහිනය මාකට් කරන හැටි හරිම සූරයි. මේවා ගැන දෙමාපියෝ නිහඩ වෙන්නේ තමන්ගේ ළමයට අසාධාරණයක් වුණොත් කියලා  තියෙන බයට.
නමුත් මේ බාලිකාව අවට  ගමේ ඉන්න ළමයින්ව  මේ පාසලට දාගන්ඩ දෙමව්පියෝ සල්ලි හොයන්ඩ පොරබදින එක කොයිතරම් අයුක්ති සහගතද ?
ඇත්තටම ඉන්දියොවේ අර රෝසපාට කල්ලිය වගේ කාන්තාවෝ සංවිධානය වුණොත් දුප්පත් දරුවන්ගේ නිදහසේ අධ්‍යාපනය ලබන්ඩ තියෙන අයිතිය බේරගන්ඩ බැරිවෙන එකකුත් නැහැ.

https://www.youtube.com/watch?v=695OFUpJiuc