බැදල කන්න මෙන්න තවත් සුපිරි අයිටම් එකක් , ”කොයියෝ ” ..

0
301
dav

මාළු බැදල කන්න කව්ද අකමැති. හැබැයි බැදුමකට හොදම මාළු වර්ග මොනවද කියල ඇහැව්වොත් අපි හුග දෙනෙක් දන්නේ වර්ග කිපයක් විතරයි.තෝර පෙති බිස්කට් කුඩු තවරල , හැඩැල්ලෝ ,හුරුල්ලෝ මේව තමයි මතක් වෙන්නේ
නමුත් ධීවරයෝ දන්නව  තව සුපිරිම ජාති . බදින්න මරු අයිටම් .
අපි අහල තියෙනවානේ කරට්ටයෝ.
බැදල කාලත් ඇතිනේ.
ටිකක් කටු තමයි. ඒත් ඇත්තටම අපුරු බැඳුමක්.බයිට් එකටත් අගෙයි .

 


ඒ වර්ගෙටම අයිති තවත් අපුරු මාළු ජාතියක් ඉන්නව කොයියෝ කියල.
ඉක්මනින්ම බැදෙනවා.කටුවුණත් අවුලක්ම නැ . හොදට හපල කන්න පුළුවන් හරිම රසවත් ජාතියක්.
හැබැයි ටිකක් හොයාගන්න නම් අමාරුයි. බැරිවෙලාවත් කොයියෝ හිටියොත් මගහැරගන්න එපා. අපරාධයක්. එක සැරයක් බැදල කාල බලන්නකෝ…එතරම් මිළක් නොවන කොයියන් කිලෝවක් පසුගිය දිනක පිටිපන ලෙල්ලමේදි  කිලෝවක් රු 200 ක් අඩුවෙන් ෂුවර් එකටම ගන්න පුලුවන් .රු 100 ට ගිය වෙලාවලුත් තියෙනවා .
කරට්ටයාගෙයි කොයියගෙයි වෙනස ඇහැට හුරු කරගන්න . එතකොට වැඩේ ලේසියි

(කරට්ටයෝ ගැන විතරක් දැනන් හිටපු අපිට කොයියෝ ගැන මුලින්ම කියල දුන්නේ සංගීත් – ස්තුතියි සංගත් හැමදාමත් )