බැදුම්කර වංචාව ගැන කියන්න පවිත්‍රාදේවි මීගමුවට !

0
47

ලංසා කාන්තා පවිපොදුජන පෙරමුණ විසින් පසුගිය දා කාන්තා සමුළුවක් පවත්වා තිබුණි. එහි ප්‍රධාන ආරධිතයා ලෙසින් එක්ව සිටියේ රාජපක්ෂ රජයේ හිටපු ඇමතිවරියක වන පවිත්‍රා වන්නිආරච්චිය.
කඩොල් කැලේ කියපිඩ් ගාඩ්න්හි පැවැති මෙම රැස්විමට  මීගමුවේ සියළුම ඡන්ද කොට්ටාශ නියෝජනය කරමින් කාන්තා නියෝජිතවරියන් පැමිණ සිටි අතර මේ සදහා සකසා තිබුණ ඇරයුම් පතට අනුව මෙම රැස්විම සංවිධානය කර තිබුණේ හිටපු ඇමති නිමල් ලංසා විසිනි.
මෙම අවස්ථාව සදහා හිටපු නගරාධිපතිවරුන් වන හර්මන් කුරේරා,ඇන්ටනි ජයවීර, එක්ව සිටියහ.
හිටපු නියෝජ්‍ය ඇමති සරත් ගුණරත්න මෙන්ම ඔහුගේ බිරිය වන සුජාතා මහත්මියද මේ අවස්ථාවට එක්ව සිටිනු දක්නා ලදි.
මෙම හමුවේ ප්‍රධාන ආරධිතයා වු පවිත්‍රා වන්නි ආරච්චි 2015 වේදි සිදුවු බැදුම්කර වංචාව ගැන දිර්ඝ කරුණු ඉදිරිපත් කිරිමක්ද කර තිබුණි..
පසුගිය ජනාධිපතිවරණ සමයේදිද නිමල් ලංසා විසින් මේ අකාරයෙන්ම කාන්තාවන් විශාල වශයෙන් එක්රැස්කොට රැස්විම් ගණනාවක්ම පවත්වා විශාල ලෙස ද්‍රව්‍යමය ආධාරද සිදුකර තිබුණි.