බැසිල්ගෙන් නම ගන්න ඇමති ලංසා නගර සභාවම අධිවේගයට කැදවලා ?

0
66

7මීගමුව නගර සභාව අද එහෙම පිටින්ම ඇමති නිමල් ලංසාගේ දේශපාලන චරිතය පිම්බිමට යොදාගෙන ඇති බවට බරපතල චෝදනාවක් එල්ලවෙමින් තිබේ.
අඩුම තරමින් මීගමුව මහනගර සභාවේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රිවරුන්ගේ තබා නගරාධිපතිවරයාගෙන් පවා  අසන්නේ නැතිව ඇමතිවරයාගේ උවමනාව සදහා නගර සභාවේ සියළු දැ කිසිදු හිරිකිතයකින් තොරව භාවිතා කරන බව  නම සදහන් කිරිමය මැළි වු නාගරික මන්ත්‍රිවරයෙකු පවසා සිටියේය.
විශේෂයෙන්ම අධිවේගි මාර්ගය විවෘත කිරිමට  ආසන්නව තිබියදි  ආණ්ඩු පක්ෂය විසින් ත්‍රියාත්මක කර ඇති දැවැන්ත දේශපාලන ප්‍රචාරක ව්‍යාපෘතිය වෙනුවෙන් මේ  දිනවල මීගමුව නගර සභාවේ සියළුම වාහන පමණක් නොව සේවකයන් පවා මෙසේ ඇමති ලංසාෙග් උවමනාවන් සදහා යොදවාගෙන  තිබේ.
විශේෂයෙන්ම ගිණි නිවන ඒකකයේ වාහන පවා මෙසේ යොදවා ඇත.
බදුගෙවන ජනතාවගේ බදු මුදල් මෙසේ එක් දේශපාලකයෙකුගේ චරිතය ඔසවා තැබිමට යොදාගෙන තිබිම නිසා කිසියම් අවස්ථාවක විගණන පරික්ෂණයකට ලක්වන්නේ නම් මුළු නාගරික මන්ත්‍රි මණ්ඩලයම ඊට වගකිය යුතුව තිබේ.