නව රජයේ ඇමති මණ්ලයට පත්කොට ඇතැමුන් හේතුවෙන් ජනපති ගෝඨාබය රාජපක්ෂ සිය ප්‍රතිපත්තිමය කරුණුවටලට අදාලව නව දේශපාලන සංස්කෘතියක් හදනවා යැයි කර ඇති ප්‍රකාශය අර්බුදයට ගොස් ඇති සෙයකි.
වංචා දුෂණ නැති අය කිසිවෙකුත් ඇමති මණ්ඩලයට වද්දගන්නේ නැතැයි කියමින් කර තිබුණ ප්‍රකාශය දැනටමත් සමාජ මාධ්‍ය තුල විහිළුවට ලක්වන්නට පටන් ගෙන තිබේ.
ඇමති මණ්ඩලය ලයිස්තුවට ඇතුලත්ව නොතිබුණ ප්‍රසන්න රණතුංගේ නම අවසන් මොහොතේ එක්ව තිබුණේ පොහොට්ටු නිර්මාතෘ බැසිල් රාජපක්ෂගේ මැදිහත්විම නිසා යැයි දැනටමත් පොහොට්ටු අභ්‍යන්තර දේශපාලන සංවාද තුල මතුවෙමින් තිබේ.
මේ අතර රාජ්‍ය ඇමතිවරුන් පත්කිරිම ලබන සදුදාට යෙදි ඇති අතර නිමල් ලංසාගේ නමද ඒ ලයිස්තුවට මේ අනුව එක්විය හැකියැයි යන කථාබහක්ද මේ වන පටන් ගෙන තිබේ .
කෙසේ වෙතත් අධිකරණයේ නඩු ඇති ප්‍රසන්න රණතුංගගේ නම මෙන්ම නිමල් ලංසාෙග් නමද එක්වන්නට නියමිත වන්නේ නම් ගෝඨාභය රාජපක්ෂගේ විනය ගරුක දේශපාලන සංස්කෘතිට ලත් තැනම ලොප්විමට නියමිතය තිබේ.