බැසිල්ගේ ලේකම්වරියට අගමැති කාර්යාලයේ රැකවරණ ?

0
83

 

පැවති පාලන සමයේ බැසිල් රාජපක්ෂ මහතා යටතේ පැවති ආර්ථික සංවර්ධන අමාත්‍යංශය මගින් ක්‍රියාත්මක සංචාරක ප‍්‍රවර්ධන ක්‍රියාවලිය සම්බන්ධයෙන් ඉහළ වගකීමක් දැරූ හේමා ප්‍රේමවර්ධන මහත්මිය පසුගිය රජය සමයේ රුපියල් ලක්‍ෂ 70කට අධික රාජ්‍ය මුදලක් අවභාවිතයේ යෙදවූයේ යයි චෝදනා ලැබ සිටියි.

දුෂණ මර්ධන කමිටු ලේකම් කාර්යාලය විසින් ඒ සම්බන්ධයෙන් වූ මූලික විමර්ශන සිදු කර එහි වැඩිදුර පරීක්ෂණ සඳහා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය වෙත භාර දීමෙන් පසු එහි පරීක්ෂණද සිදු කර එම ලිපිගොනුව නීතිපතිවරයා වෙත භාරදීමෙන් අනතුරුව, ඇය වහාම අත්අඩංගුවට ගැනීමටත් සාවද්‍ය මූල්‍ය පරිහරය, ඒ සඳහා කුමන්ත්‍රණය කිරීම ඇතුළු චෝදනා කිහිපයක් මත පොදු දේපළ පනත යටතේ නඩු ගොනු කිරීමටත් නීතිපති දෙපාර්තමේන්තුව නිර්දේශ කර ඇත.

එසේම, එම මුදල් අවභාවිතය සම්බන්ධයෙන් චෝදනා ලද සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ හිටපු සභාපති භාෂ්වර ගුණරත්නද, එම අධිකාරියේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් ඩී.එස්.ජයරත්නද, එම අධිකාරියේ අධ්‍යක්ෂවරුන් වන රණසිංහගේ සේමසිංහ, දොන් චන්ද්‍රසිරි සහ අමිත කිත්සිරි රණවක යන අයද අත් අඩංගුවට ගෙන වහාම අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නීතිපතිවරයා පොලිසියට උපදෙස් දී තිබිණ.
www.srilankamirror.com