බැසිල්ගේ ව්‍යපෘති ලක්ෂය මොකටද ?

0
188
freepressjournal import 2015 08 Elections Sri Lanka 1200x550 1

ඇමති බැසිල් රාජපක්ෂගේ 2022 අයවැය යෝජනා යටතේ ඉදිරිපත් කළ අයවැයෙන් ගමට වැඩසටහන යටතේ දිවයින පුරා සංවර්ධන ව්‍යාපෘති ලක්ෂයක් ආරම්භ කිරිම හෙට(03) පෙරවරු 8.52 ට ඇරඹිමට නියමිතය.

අයවැයෙන් වැඩ ලක්ෂයක් ලෙසින් මෙම වැඩසටහන නම්කර ඇත.

අවම වශයෙන් එක් ග්‍රාමසේවා වසමක සංවර්ධන ව්‍යාපෘති පහක් ක්‍රියාත්මක වන ආකාරයට අයවැයෙන් වැඩ ලක්ෂයක් වැඩසටහන ක්‍රියාත්මක කිරිමට නියමිත බැව් සැලය.

එම සංවර්ධන කටයුතු ක්‍රමවත්ව හා වඩාත් ඵලදායි ආකාරයෙන් ක්‍රියාත්මක කිරිම සම්බන්ධයෙන් පසුගිය මාසය පුරා පාර්ලිමේන්තු මන්ත්‍රිවරු ,~ පළාත් පාලන ආයතන නියෝජිතයෝ හා රජයේ නිලධාරිහු දිවයිනේ මැතිවරණ කොට්ඨාස හා ග්‍රාම සේවා කොට්ඨාස මට්ටමින් සාකච්ඡා මාලාවක් පවත්වා තිබුණ අතර වේගයෙන් ජනප්‍රියත්වය බිද වැටෙමින් ඇති වත්මන් ආණ්ඩුවේ ඉදිරි මැතිවරණය සදහා මෙය ප ප්‍රචාරක වැඩක් ලෙසින් ක්‍රියාත්මක බව ඉතා පැහැදිලිය.

මෙම වැඩසටහන සටහන ගම්මට්ටමින් සංවිධානය කිරිමට කිසිදු වියදමක් මෙම ව්‍යාපෘතිය යටතේ ලබා දි නොමැති නිසා අදාල ව්‍යාපෘති සංවිධානය කරනු ලබන නිලධාරින්ගේ කියා සිටියේ මේ වැඩ ලක්ෂය රාජ්‍ය නිලධාරින් හට අතින් කයිට් වැඩක් බව කියති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here