බැසිල් පිළිගැනිමට ලංසා පෙරමුණේ ? ජයවීර වැට උඩ ?

0
131

nimal BRජනපතිවරණයෙන් පසු රට හැර ගිය බැසිල් රාජපක්ෂ මහතා  අප්‍රේල් 21 වනදා ලංකාවට පැමිණිමට නියමිතය.ඔහු පිළිගැනිමට යන්නේ කව්දැයි යන්න දැන් රටම බලා සිටින ප්‍රධානතම දේශපාලන පුවතක් බවට පත්වෙමින් තිබේ.
මේ අතර බැසිල් රාජපක්ෂව පිළිගැනිමට  පිරිසක් රැගෙන යාම සදහා ඇමති නිමල් ලංසා විසින් මේ වන විට යුහුසුලුව කටයුතු කරමින් සිටින බව වාර්ථා වේ.
මේ මෙහෙයුමට එරෙහිව ඇමති නිමල් ලංසාට දැනටමත් විවිධ චෝදනා සහ තර්ජනද එල්ලවෙමින් ඇති බව වාර්ථා වේ.
මේ අවස්ථාව සදහා මීගමු මහනගර සභාවේ නාගරික මන්ත්‍රිවරුන් විශාල පිරිසක් එක්විමට නියමිත බැව්ද සැලය.
එහෙත් නගරාධිපති ඇන්ටනි ජයවීර මහතා මේ සිදුවිම අරඔයා සිටින්නේ වැටඋඩ බව ඔහුට සමිප ආරංචි මාර්ග දක්වා සිටි.