බැසිල් මහින්ද ශිතල යුද්ධය සහ මීගමුව

0
123

මහින්ද රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ අතර පවතිත ශිතල යුද්ධය යළිත් වරක් මීගමුවෙන් මතුව තිබේ .ඒ පසුගිය දිනක නාමල් රාජපක්ෂ මීගමුව පැමිණි අවස්ථාවේදිය.
මහින්ද රාජපක්ෂගේ පිළ නියෝජනය කරනු ලබන මීගමුව සංවිධායක සරත් ගුණරත්න මහතා මෙවර පළාත් සභා මැතිවරණයේදි සිය සහය ප්‍රසිද්ධියේම පළකරමින් සිටින්නේ පක්ෂ මාරුකරමින් විහිළුවකට ලක්ව සිටින  පෝල් පෙරේරා වෙනුවෙනි.
ඔහුගේ ජයතහවුරු කිරිම පතා පසුගිය දිනක මීගමුවේ පැවති විශේෂ රැස්විමකට නාමල් රාජපක්ෂ කැදවමින් සිය මහින්ද රාජපක්ෂ හිතේෂිබව මීගමුවේ ජනයා වෙත යළිත් වරක් ලකුණු  කර   තබන්නට සරත් ගුණරත්න පියවර ගනි.
එහෙත් මේ වැඩපිළිවෙලට එරෙහිව  හිටපු ඇමති නිමල් ලංසා පිළේ කිසිවෙකුත් මෙම රැස්විමට සහභාගි නොකර සිටි නිමල් ලංසා ඒ මගින් සිය බැසිල් රාජපක්ෂ හිතේෂිවන්ත භාවය යළි පළකර සිටියේය.
නාමල් රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ අතර පවතින ගැටුම අද කාටත් නොරහසකි.
කෙසේ වෙතත් මෙම රැස්විමට සරත් ගුණරත්නට හැකිව ඇත්තේ 17 දෙනෙකු වන නාගරික මන්ත්‍රි මණ්ඩලයෙන් එක් අයෙකුගේ පමණක් සහය ලබාගැනිමටය.
මීගමුව මහනගර සභාව තුල ඇති සරත් ලංසා පිළද මේ හේතුවෙන් යළිත් වරක මීගමුව තුල කැපිපෙනෙන්ට පටන් ගති.