බැසිල් රාජපක්ෂ ලංසා ගැන මිගමුවේදි කියපු ටොම් පචයට පොහොට්ටු දේශපාලකයන්ටත් හිනාලු…. ?????

0
80

බැසිල්ගම්පහ දිස්ත්‍රික්කය තුල තමන් දේශපාලනිකව තනිව ඇති බව ප්‍රසිද්ධියේ පිළිගත් නිමල් ලංසා දැන් ඒ අඩුව අකා මකා ගැනිම සදහා බැසිල් රාජපක්ෂ මිගමුවට කැදවා තවත් මාධ්‍ය සංදර්ශණයක් පසුගියදා පවත්වා තිබුණි.
ඒ මිගමුවේ ගෝල්ඩන් ස්ටාර් හෝටලයේදිය.
එහිදි බැසිල් රාජපක්ෂ විසින් කියන්නට යෙදුන ටොම් පචයක් ගැන මේ වන විට පොහොට්ටුවේම දේශපාන ක්‍රියාකාරින් මෙන්ම ඇතැම් ප්‍රදාන පෙළේ ජේෂ්ඨ දේශපාලකයන්ද විහිළුවට ලක්කරමින් සිටිති.

මිගමුවෙන් 13600 ක් පමණක් ගත්තු ලංසා 60000 ක් ගන්නේ කොහොමද ?

බැසිල් රාජපක්ෂ එහිදි කියා තිබුනේ නිමල් ලංසා මනාප සටනට අවතිර්ණ වන්නේම මනාප 60000 ක සංචිතයකින් බවය.
කෝටි ගණනින් මුදල් විසිකර දැවැන්ත මාධ්‍ය සංදර්ශණ පවත්වා වුව  පසුගිය  පාර්ලිමේන්තු මැතිවරණයේදි මිගමුව ආසනය අන්ත පරාජයට පත්කර ගත් නිමල් ලංසාට ලබාගත හැකි මනාප ප්‍රමාණය වුයේ 13 600 කි.
අප මෙහිදි යළිත් අවධාරණය කරනුයේ ඒ කාන්තා සංවිධානවලට මිලියන ගණනින් බඩු බෙදා සකලාකාර සංදර්ශණ පවත්වා වුවද ලබාගත හැකිව තිබු උපරිමයි.
ඒ අනුව මිගමුව ලංසාගේ සිමාව මනාප 13 600 කට සිමාවි තිබුණි.
මේ අතර එවර එජාප රොයිස් විජිත ලංසා වඩා තෙගුණයකින් පමණ මනාප මිගමුවෙන් පමණක් ලබාගෙන තිබුණි.

පාර්ලිමේන්තු යාමට නිමල් ලංසාට ඉතිරි මනාප ටික ලැබි තිබුනේ ගම්පහ දිස්ත්‍රික්කයේ වෙනත් ආසන වලිනි.
දැන් නිමල් ලංසාට ගම්පහ දිස්ත්‍රික්කයේ වෙනත් ආසනවල ඡන්ද පදනමක් නැත. එහි ආසන සංවිධායකන් සියල්ලෝම සිටින්නේ ලංසා සමග විරසකවය.
නිමල් ලංසා විසින් පසුගියදා මිගමුව පෙරියමුල්ලේදි මේ ගැන ප්‍රසිද්ධියේ කියා තිබුණි.
ඒ අනුව වෙනත් ආසනවලින්ද ලංසාට මනාප පදනමක් ලැබෙන්නේ නැත.ඔහුගේ ආසනය යැයි කියාගන්නා වත්තල පවා අති බහුතරයක් සිටියේ ඔහුට එරෙහිව නිල් රූපසිංහ සමගිනි.indika 1indika 10

එදා මිගමුවෙන් ලද මනාප පවා දැන් අර්බුදයක ඇත්තේ මිගමුව තුල නිමල් ලංසාට වඩ  ඉහල ජනප්‍රියත්වයක් අත්කර ගැනිමට ඉන්දික අනුරුද්ධ සමත්වි සිටින නිසාය.
එමෙන්ම මෙවර මුස්ලිම් මනාපයේ වැඩිවාසියද ඉන්දික අනුරුද්ධ විසින් හිමිකරගැනිමට නියමිතය.මේ නිසා 2015 දි ලබා ගත් 13600 ක් මනාප ගණන පවා දැන් පවතින්නේ අවුලකය.

ඉන්දික අනුරුද්ධට මහින්ද රාජපක්ෂගේ මෙන්ම ගම්පහ දිස්ත්‍රික් නායක ප්‍රසන්න රණතුංගගේද උපරිම සහය ලැබි තිබෙන අතර ඉහල විශ්වාසයක්ද ඔහු ඒ අයත් සමගින් ගොඩනගාගෙන සිටි.
මේ නිසාම ඉන්දික අනුරුද්ධට ලැබුනේ මහින්ද රාජපක්ෂගේ නිවාස ඇමතිධුරයේ රාජ්‍ය ඇමතිධුරයයි. තතු එසේ වෙද්දි ලංසාට ලැබුනේ කමකට නැති කව්රුත් දන්නේවත් නැති තනතුරකි.
තවත් වැදගත් කරුණක් මෙහිලා සටහන් කළ යුතුව තිබේ.

ප්‍රසන්න කියන ගම්පහ දිස්ත්‍රික් විෂබීජය .lansa12

ගම්පහ දිස්ත්‍රික් නායක ප්‍රසන්න රණතුංග දිස්ත්‍රික්කය පුරාම කියාගෙන යන්නේ මෛත්‍රිට ගෑවුන කිසිවෙකුටත් ඡන්දය නොදෙන ලෙසය.එමෙන්ම පසුගිය දිනක ජා ඇලදි කියා තිබුනේ විෂබිජ පාර්ලිමේන්තුවට නොඑවන ලෙසය.
ඒ අනුව ඔහු විෂබිජ යැයි අගවා තිබුනේ මෛත්‍රිට ගෑවුන අයවය.
එපමණක් නොව ප්‍රසන්න සිය ආසනය වන මිනුවන්ගොඩ  පැති කිපයක් තමන්ට සමිප අපෙක්ෂකයන් වෙත බාර දි තිබේ. ඉන්දික අනුරුද්ධද ඒ අතර වෙයි. එහෙත් ලංසාට එවැනි සහයක් ප්‍රසන්න ලබාදි තිබුනේ නැත.
මේ පසුබිම තුල 2015 දි මනාප 13600 ක් පමණක් ලැබු ලංසා මෙවර ගම්පහ දිස්ත්‍රික්කයෙන්ම කොන්වි ඇත්තේ මහින්ද රාජපක්ෂව පාවා දි මෛත්‍රි සමගින් ඇමතිකම් ගන්නට ගොස් තිබුන නිසාය.
මේ අනුව බැසිල් රාජපක්ෂ තමන්ගේ සල්ලි මැෂිම ක්‍රියාත්මක කළ දේශපාලන බඩියාගේ හිත හැදිමට ලංසා මනාප 60000 කින් මනාප සටන බව කිවද  සැබැ තත්වය නම් ලංසා සිටින්නේ බරපතල අවදානම් කලාපයක බවය.

 

 

.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here