බැසිල් ලංකාවට!

0
409

 

images 2මාස දෙකකට අධික කාලයක් ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර වාසය කළ බැසිල් රාජපක්ෂ මහතා මාර්තු මස මුල සතියේදී යළිත් ලංකාවට පැමිණීමට නියමිතව ඇති බව වාර්තා වේ.

එසේ පැමිණි පසු පොහොට්ටුව ප්‍රතිසංවිධාන කිරීමේ කටයුතු සක්‍රීය කොට පක්ෂය ජනාධිපතිවරණයට මුහුණ දීම සඳහා පෙළගැස්වීම බැසිල් රාජපක්ෂ මහතාගේ සැලසුම වී ඇති බවක් දැනගන්නට තිබේ.

බැසිල් රාජපක්ෂ මහතා ඇමෙරිකාව බලා පසුගිය දෙසැම්බර් මාසයේදී පිටත්ව ගිය අතර, හෙතෙම නැවත ලංකාවට පැමිණෙන බවට තොරතුරු වාර්තා වී තිබුණේ ලබන අප්‍රේල් මාසයේදීය.

නමුත් මේ වන විට රට ඇතුළේ මතුව ඇති දේශපාලන තත්ත්වය හමුවේ සිය ගමන කෙටි කොට ලබන මස මුලදී නැවත ලංකාවට පැමිණීමට ඒ මහතා තීරණය කොට ඇති බව දැනගන්නට ඇත.

උපුටා ගැනිම- www.infosrilanka.lk

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here