බැසිල් හමුවිමෙන් පසු හෙට ඇමති ලංසා මහින්දවත් හමුවෙයිද????

0
111

mahinda-rajapaksa-basil-rajapaksa-2010-4-4-12-50-29-colombotelegraphබස්නාහිර පළාත් මහ ඇමති ඇතුළු පළාත් සභා මන්ත්‍රිවරුන් බහුතරයක් දෙනා හෙට දවසේ බැසිල් රාජපක්ෂව පිළිගැනිමට සම්බන්ධ නොවි මහින්ද රාජපක්ෂ හා දිවා හෝජනයකට සහභාගිවිම සදහා සුදානමින් සිටින බව සැලය.
මේ දිවා හෝජන සංග්‍රහය පලාත් සභා මන්ත්‍රි ලක්ෂ්මන් ගුණවර්ධන මහතාගේ නිවසෙහි පැවැත්විමට නියමිත බව වාර්ථා වේ.
මැතිවරණ පරාජයත් සමගින් බැසිල් රාජපක්ෂ පැදුරටත් නොකියා රටයෑමෙන් පසු ඇති වු දේශපාලන හිඩැස පිරවිම සදහා මරාගෙන මැරෙන මෙහෙයුමක නිරතව සිටින ප්‍රසන්න රණතුංග මහතාගේ සැලැස්ම වි ඇත්තේ බැසිල් රාජපක්ෂට යළිත් ගම්පහ ලොක්කා විමට ඉඩ නොදිමටය..
ඒ නිසා ඔහු ඒ වෙනුවෙන් දැවැන්ත මෙහෙයුමක නිරතව සිටින්නේ ජනාපති මෛත්‍රිපාල සිරිසේන මහතාව දැඩි ලෙස විවේචනය කරමිනි.
එහෙත් ලද වරදාන සියල්ල හමුවේ ද්‍රෝහියෙකු නොවිම සදහා ඇමති ලංසා දැන් සිය කළගුණ සැලකිමේ වගකිම සියළු විවේචන මධ්‍යයේ වුවද ක්‍රියාත්මක කරන්නට පටන්ගෙන තිබේ.ඔහුගේ අනෙක් පලාත් සභා සගයන් මහින්ද රාජපක්ෂය පමණක් හමුවෙද්දි ඇමති ලංසා කල්පනා කරන්නේ රාජපක්ෂවරුන් දෙදෙනාවම හමුවිමටය.
වාර්ථා වන අන්දමට හෙට දිනයේ බැසිල් රාජපක්ෂ මහතා පිළිගැනිමෙන් අනතුරුව ඇමති ලංසා මහින්ද රාජපක්ෂ මහතා හමුවිම සදහා පිරිසක්ද කැටුව යාමට ඇති සුදානමින් සිටි.
පසුගිය 16 වනදාද ඇමති නිමල් ලංසා තංගල්ලට නෑගම් ගොස් තිබුනේ හිටපු ජනපතිට අවුරුදු කථාකරන්නටය.