බැසිල් හිටිය නම් මෙහෙම වෙන්නෙ නෑ. ඒ සැරේ සුදර්ශනී

0
63

බැසිල් රාජපක්ෂ මහතා ලංකාවේ සිටියා නම් මේ ආකාරයෙන් ඉන්ධන මිල ඉහළ නොයනු ඇති බව රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ද කියන බව ශ්‍රි ලංකා මිරර් වෙබ් අඩවිය වාර්තා කොට තිබේ

ඉන්ධන මිල සම්බන්ධයෙන් මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඇය මේ බව සදහන් කර තිබුණි

මෙවැනි අවස්ථාවක ඉන්ධන මිල ඉහළ දැමීමෙන් ජනතාව දැඩි අපහසුතාවයකට පත්වන බවත්, බැසිල් රාජපක්ෂ මහතා ජනතාව පැත්තෙන් සිතන නායකයකු බවත් ඇය සදහන් කර ඇත

මීට පෙර අමාත්‍ය නිමල් ලංසා ද කියා සිටියේ බැසිල් රාජපක්ෂ මහතා සිටියා නම් ඉන්ධන මිල ඉහල නොයනු ඇති බවයි. 
සුදර්ශණිගේ මේ ප්‍රකාශය තුලින් කියැවෙන්නේ මේ වත්මන් දේශපාලන බෙදිල්ල තුල ඇය පිලක් තෝරාගෙන ඇති බවදැයි දේශපාලන කවයන්හි කථා බහට ලක්වෙමින් තිබේ.
බැසිල් රාජපක්ෂ ගම්පහ දිස්ත්‍රික්ක දේශපාලනයට පැමිණිම හා සුදර්ශණි ප්‍රනාන්දුපුල්ලේ සැමියා වන ජේයරාජ් ප්‍රනාන්දුපුල්ලේ ගේ මරණය අතර යම් සම්බන්ධයක් ඇතිද යන්න ගැන පහුගිය කාලය තුල විවිධ දේශපාලන විග්‍රයන් ඉදිරිපත් වෙමින් තිබුණි.
කෙසේ වෙතත් සුදර්ශණිගේ මේ ප්‍රකාශය තුලින් කියැවෙන්නේ ඇය බැසිල් පිලට මාරු වි ඇති බවද ?