බිච් පාක් එකට නගර සභා සේවකයන් යෙදවිම දැන්වත් නවතියිද ?

0
87

beach park8PGමීගමුව බිච් පාක් එක යනු මීගමුවේ කප්පම් කල්ලියක් විසින් වෙරළ තිරයේ කොටසක් අල්ලාගෙන පවත්වාගෙන යනු ලබන මාෆියා ව්‍යාපාරයකි.
එයට කිසිදු නිතිමය සම්බන්ධයක් මීගමුව මහනගර සභාවට ඇත්තේ නැත.
ඇත්තේ එකම සමබන්ධතාවයකි.එනම් එහි රථගාල සහ වැසිකිලි පද්ධතිය ටෙන්ඩර් කොට ලබාදි තිබිමයි.
එහෙත් ඇති තතු එසේ වුවද මේ කප්පම් කල්ලියේ අවශ්‍යතාවයන් සදහා පසුගිය කාලය තුල මීගමු නගර සභාව විසින් දිනපතා සේවකයන් 8 දෙනෙකුත් අධික්ෂකයන්  දෙදෙනෙකුත් යොදවා ඇත.
මීගමුව මහනගර සභා පාලනය අවසන් වුවද ඊයේ දිනයේදි මෙසේ සේවකයන් යොදවා තිබුණි.
මාධ්‍යවේදි ප්‍රෙඩී ගමගේ හට පහර එල්ල කරන ලද සේවකයාද මීගමුව මහනගර සභාව විසින් මීගමුව බිච් පාක් එකට අනුයුක්තව සේවය කරන ලද අයෙකි.
මෙය එහෙම පිටින්ම නිතිවිරෝධි කටයුත්තක් වුවද මීගමුව මහනගර සභාවේ පරිපාලන අධිකාරිය විසින් දේශපාලන අධිකාරියේ වුවමනාවට එය එසේ වන්නට ඉඩ දි තිබුණි.
මේ සමබන්ධයෙන් අප විසින් මීගමුව නාගරික කොමසාරිස්වරයා මෙන්ම එහි කටයුතු භාරව සිටින මහජන සෞඛ්‍ය පරික්ෂක ගුණරත්න මහතාගෙන් විමසා සිටි අවස්ථාවේ ඔවුන් කියා සිටියේ එසේ සේවකයන් යොදවා ඇත්නම් ඒ ගැන සොයා බලා ඔවුන්ව වහාම ඉවත් කිරිමට පියවර ගන්නා බවය
මේ දෙදෙනාම දැන් වගකිව යුත්තේ මීගමුවේ බදුගෙවන ජනයා වෙතය.
එබැවින් ඔවුන් විසින් දැන්වත් සිය තනතුරුවල ගරුත්වයද ආරක්ෂා කරගනිමින් කටයුතු කරනු ඇතැයි අප බලාපොරොත්තු වෙමු.