( 8.00 am ) ලංසා පවුල වෙනුවෙන් කඩේ ගිය එක් රාජ්‍ය නිලධාරියෙකු කරන ලද කුඨ වැඩක් සහ එය විශ්වාස කළ ප්‍රාදේශිය ලේකම්තුමිගේ දැනුමේ දිගපළල හා මිගමුවට පිටින් ඇවිත් අධික්ෂනයේ යෙදෙන දේශපාලන අධිකාරියටද මේ සියල්ල ගැන නිනව් නැතිව තිබිම නිසා අදටත් බිච් පාක් අවුල විසදා ගන්නට බැරිව තිබේ.
බිච් පාක් එක සංවර්ධනය කර දෙන්නැයි මිගමුව නගර සභාවේ හිටපු නගරාධිපතිවරයකෙු වු ඇන්ටන් ජයවිර සභාවට ගෙනා සභා සම්මත වු යෝජනාව පසුව එවකට නාගරික කොමසාරිස්වරාව සිටි ලක්ෂ්මන් නැමැත්තා හදා තිබුන කූට ලේඛනයේ සදහන්ව තිබුනේ සංවර්ධනය කොට වෙනත් පාර්ශවයකට පැවරිමක් සදහා සභා අනුමැතිය ලද බවය.
මිගමුවේ හතර මායිම් හොද හැටි දන්නා මාලිමාවෙන් පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයට තරග කළ වෛද්‍ය හෙන්රි රොසාරියෝ බිච් පාක් ඒක ගැන ඇත්තම තත්වය නියෝජ්‍ය ඇමති මහින්ද ජයසිංහ සහ ප්‍රාදේශිය ලේකම් ඉදිරිපිටද අවධාරණය කරමින් කියා සිටියද ප්‍රාදේශිය ලේකම් තුමිය එදා එය පිළිනොගෙන ලක්ෂමන්ගේ කූට ලේඛණය ගැන පමණක් විශ්වාස කරමින් උද්දච්ච ලෙස හැසිරුණි.
දැන් එහි ඵල විපාක විදින්නට සිදුව ඇත්තේ මිගමුවේ මහජනයාටය. මේ කූට ලේඛනය පදනම් කරගනිමින් ලංසා සහෝදරයන් විසින් අටවා තිබුණ කොම්පැණියක් විසින් අදටත් බිච් පාක් රථගාලේ මුදල් අයකරමින් සිටිති.
නාගරික සංවර්ධන අධිකාරියත් අපේ නිසා වැඩේ ගොඩින්ම බේරා ගත හැකි යැයි එදා නියොජ්‍ය ඇමති මහින්ද ජයසිංහද කියා තිබුනා අපට මතකය. එහෙත් දැන් වැඩේ අණ්ඩබජල් වි ඇත.
මේ ගැන කිසිදු අවබෝධයක් නැති ,නියෝජ්‍ය ඇමති සුගත් තිලකරන්න හෝ ඔහුගේ ලේකම් යැයි කියන නිතිඥවරයාට හෝ මිගමුව ගැන මුලින්ම හොද හැදෑරිමක් කිරිමට සිදුවන බව බිච් පාක් සිදුවිම හරහාද පැහැදිලිව පෙනි ගොස් තිබේ.
බීච් පාක් එක සතියකින් ගන්නා බව කි මිගමුව නාගරික කොමසාරිස්වරිය දැන් අපගේ දුරකථන ඇමතුම් වලට පවා පිළිතුරු දෙන්නේ නැත.
දින කිපයක් පුරාම බිච් පාක් එකට මොකද වෙන්නේ යැයි දැනගැනිමට අප දිගින් දිගටම ඇයට දුරකථන ඇමතුම් ලබා දුන්නද ඒ්වාට ප්‍රතිචාර ලැබුනේ නැත.
දැන් ඇයටද බිච් පාක් ඒක ගැන මුනිවත රකින්නට සිදුව තිබිම අප වඩාත් නිවරදිව තේරුම් ගත යුතුව තිබේ.සැබැවින්ම ඇයද දැන් මේ සිදුවිමට අදාලව වින්දිතයෙකු බවට පත්ව ඇත්තේ ප්‍රා.ලේ ගේ දැනුමේ තරම සහ දේශපාලන අධිකාරියේ නොදැනුවත්කම නිසාය.