බිච් පාක් එකේ කඩ අදායම පමණක් වසරකට ලක්ෂ 98ක් ? එත් ටෙන්ඩරය ගියේ ලක්ෂ 17 කටලු ?අහෝ යහපාලනය ?

0
143

locals-at-negombo-beachඅප දැනටමත් හෙළිදරව් කර ඇති පරිදි බිච් පාක් ටෙන්ඩරය යළිත් වරක් තම පියාට ලබාදිමට යහපාලන ඇමති නිමල් ලංසා විසින්  ක්‍රියාත්මක කරන්නට යෙදුන දැවැන්ත මෙහෙයුම අති සාර්ථක ලෙස අවසන් කරගෙන ඇත්තේ ලක්ෂ 17 ක් වැනි සොච්චමක් මුදලකට බිච් පාක් එක යළික් වරක් ලබාගනිමිනි.
යහපාලනය තවමත් මීගමුවට පැමිණ නැති බවත් එය තවමත් පාලනය වන්නේ වැල්ලවිදියෙන් බවත් කියා සිටින්නට තවත් උදාහරණ යළිත් ඇවැසිද ?
මේ බිච් පාක් එකේ කඩවල් වලින් පමණක් ලැබෙන වාර්ෂික ආදායම් මුදල රු ලක්ෂ 98 ක් පමණ වෙතැයි කියැවේ.මෙයට අමතරව රථගාලෙන් මෙන්ම එහි ස්ථාපිත නානකාමරයේ වතුර මල් වෙනුවෙන්ද විශාල අදායම් ලැබේ.
දැවැන්ත ජාතික විනෝද අවස්ථා සදහාද අතිවිශාල මුදලක් මෙහිදි අයකෙරේ.පසුගිය ජාතික සරුංගල් උත්සවයේදි ලබන්නට ඇති ආදයම කොපමණදැයි දන්නේ ලංසා පවුලම පමණි.
ඒ අනුව බලන කළනිකන්ම සිට  අතිදැවැන්ත අදායම්  ලබන්නට දැන් දශකයටක් වැඩි කාලයක් සදහා ඇමති නිමල් ලංසාගේ පියා පින්වන්තයෙකු වි ඇත.
යහපාලන රජයක් යටතේද මීගමුවේ වැඩිම වරප්‍රසාද ලබන පුද්ගලයා බවට පත්ව ඇත්තේ ද අන්කවරෙකුත් නොව පිලෙන්ද්‍රන් ලංසාය.
මෙය සිදුවුයේ කෙසේද ?
මෙතෙක් රථ ගාලත් වැසිකිලි පද්ධතියත් පමණක් ටෙන්ඩර් දැමු මීගමුව මහනගර සභාව මෙවර  බිච් පාක් එකේ ඇති කඩමෙන්ම ද බෝට් නැමැති හෝටලයද තක්සේරු කොට මෙවර ටෙන්ඩරයට ඇතුලත් කර තිබුණි.
ඒ අනුව මෙවර ටෙන්ඩරයේ ඇස්තමේන්තු ගත මුදල අනිවාර්යෙන්ම ලක්ෂ 25 කට වැඩියෙන් තක්සේරු විය යුතුව තිබුනද එය එසේ සිදුවි නැත.
එහි නගර සභා ඇස්තමේන්තුව වි ඇත්තේ වාර්ථා වන අන්දමට රු ලක්ෂ 16 කි.මෙය අතිශය භායානක තත්වයකි.
එය එසේ සිදුවුයේ කෙසේද යන්න ගැන දන්නේ මීගමුව මහනගර සභාවේ පරිපාලන අධිකාරියේ ප්‍රධානින්ය.
මින් කියැවෙන්නේ කුමක්ද ?
ගණකාධිකාරි අංශය මෙසේ අඩු තක්සේරුවකට ගියේ කා වෙනුවෙන්ද ?
මෙහිදි මතුවන මිළග ගැටළු වන්නේ මෙවරද මේ ටෙන්ඩරය ඇමති පියාට කුණු කොල්ලෙට යාමට ඉඩදිම සම්බන්ධයෙන් යහපාලන රජයේ මිගමුවේ බලධාරින් වෙතට එල්ල වෙමින් ඇති චෝදනාය.
ඔවුන්ද මේ ටෙන්ඩරය ඇමැති පියාට ලැබෙන්නට හැර නිකන් බලාගෙන සිටියාද යන ප්‍රශ්ණය දැන් මීගමුවේ මතුව තිබේ.ඔවුන් ඇත්ත වශයෙන්ම ඊට පිළිතුරු දිය යුතුව තිබේ.
එමෙන්ම ශ්‍රිලනිප සංවිධායක ලලිත් ටෙන්සිල්ගේ ප්‍රබල අධාරකරුවෙකු වු ජුඩ් නැමැත්තාව මෙසේ ටෙන්ඩර ඉල්ලුම්පත් දැමිමෙන් වලකා ගැනිම තුල සිදුව ඇති ඩීල් ගැනද කථා ගොඩකි.
මීගමුව තුල නම ගිය වාමාංශික පවුලක උපරිම සහයද මෙවර ඇමති පියා වෙත ලැබිම ගැන තතු කියැවේ එහෙත් මේ අතිභායනක තත්වයන් ගැන මීගමුවේ බහුතරයක් මාධ්‍යකරුවෝද මීක් කියන්නේ නැත.
බදුගෙවන්නන්ගේ සංගමයද ඉන්නේ මරනින්දය.
මරණ තර්ජන මැද්දේ වුව සුළු පිරිසකට පමණක් මේ සිදුවෙමින් ඇති අසාධාරණයට එරෙහිව ක්‍රියාත්මක කරන්නට සිදුව තිබේ.
මේ සියල්ල විසින් කියා සිටින්නේ මහින්ද රාජපක්ෂ පාලනය යටතේ ප්‍රකෝටි ගණන් වලින් හම්බ කරපු ලංසා පවුල මීගමුව වැඩි ජන්ද තිස් එක්දහසකින් දිනු එජාප පාලනයට වඩා තවමත් බලවත් බව නොවේද ?එය එසේ නම් මීගමුවේදි ඇත්තට දින්නේ කව්ද?
එජාප පාක්ෂියකයන්ද?නැතිනම් ලංසා පවුලද ?