බිච් පාක් එකේ නීති විරෝධි මුදල් අය කිරිම් ගැන සංවර්ධන කමිටුවේ අවධානය!

0
297

(2.30 pm )මීගමුව බිච් පාක් එකේ ටෙන්ඩරයට කිසිදු නිල ලියවිල්ලක් නොමැතිව රථ ගාලට ටිකට් නිකුත් කිරිම නීතියට පටහැනි බව ඊයේ පැවැති මිගමු සංවර්ධන  කමිටු රැස්විමේදි හෙළිව තිබේ.ගම්පහ දිස්ත්‍රික් සංවර්ධන  කමිටු⁣වේ සභාපති නියෝජ්‍ය ඇමති මහින්ද ජයසිංහ සහ මිගමු සංවර්ධන  කමිටුවේ සභාපති නියෝජ්‍ය ඇමති සුගත් තිලකරත්නගේ ප්‍රධානත්වයෙන් ඊයේ මිගමුව වැල්ලිවිදියේ හින්දු සංස්කෘතික ශාලාවේදි මෙය පැවැත්විණි.IMG 20241219 WA0054IMG 20241219 WA0051

බිච් පාක් එකේ නීති විරෝධි මුදල් අයකිරිම් ගැන පොලිසියට ක්‍රියාත්මක වන ලෙසද දැනුවත් කළ බව මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකදි වෛද්‍ය හෙන්රි රෝසාරියෝ මීපුරට පවසා සිටියේය.

ජාතික ජනබලවේගයේ ප්‍රබල ක්‍රියාකාරි සමාජිකයෙකු වන මොහාන්  අබේසේකර …සිය ෆේස් බුක් පිටුවේ මේ ප්‍රශ්ණ මෙසේ මතුකර තිබුණි

mohanමේ සම්බන්ධයෙන් මිගමුව පොලිසිය මෙන්ම අදාල සියළු ආයතන කඩිනමින් ක්‍රියාත්මක විය යුතුව තිබේ.

මිගමුව තුල සිදුකෙරෙන නිති විරෝධි කටයුතු නිසි ලෙසින් පාලනය කිරිම සංවර්ධන  කමිටුව හරහා හැකිවෙනු ඇතැයි තමන් විශ්වාස කරන බවද වෛද්‍ය හෙන්රි රොසාරියෝ අවධාරණය කර කලේය.

ඡායා – රහුමාන්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here