බිච් පාක් එකේ පාලනය කාටද ? අවසන් තින්දුව අද ?

0
191

beach prk 4මීගමුවේ බිච් පාක් එක ඇතුළු ටෙන්ඩර ගණනාවක් පිළිබදව පසුගිය වසර අවසානයේදි මහසභාව විසින් ගනු ලැබු තින්දුව අභියෝගයට ලක්කරමින් පළාත් පාලන කොමසාරිස්වරිය කියා සිටියේ ඒ සියළු ටෙන්ඩර 10% බැගින් වැඩි කොට දිමේ පිළිවෙත වෙනුවෙට අළුතින් ටෙන්ඩර කිරිමට පියවර ගන්නා ලෙසයි.
කෙසේෙ වෙතත් මේ ටෙන්ඩර මෙහෙයුම මීගමුව මහනගර සභාවට වැඩි ආදයමක් ලැබෙන අයුරින් ප්‍රයෝජනයට ගත යුත්තේ කෙසේද යන්නට වඩා මතුව තිබුනේ තමන්ට වැඩියෙන්ම කොමිස් සහ පගාව ලැබෙන අය වෙත ලබාදිම  සහ පවුලක සැප විහරණය පවත්වාගෙන යැමට මේවා තවදුරත් කෙසේ හෝ පවත්වාගැනිම වැනි අතිශය පුද්ගලික කරුණුය.
තමන් කැමති ටෙන්ඩර කරුවා හට කෙසේ හෝ ටෙන්ඩරය ලබාදිම වෙනුවෙන් ලක්ෂ 17 කට ආසන්න මුදලක් මේ වන විට ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රින් විසින් ලබාගෙන ඇතැයි යන්න අද මුළු මහනගර සභාවම දන්නා ප්‍රසිද්ධ රහසකි.
මේ අතර බිච් පාක් එක කෙසේ හෝ ලංසා පවුලට ලබා ගැනිම සදහා නියෝජ්‍ය ඇමති නිමල් ලංසා මෙන්ම නියෝජ්‍ය නගරාධිපති දයාන් ලංසාද බස්නාහිර පළාත් මහඇමතිගේ සිට මීගමුවේ මහනගර සභාවේ මුස්ලිම් කොන්ග්‍රස් මන්ත්‍රි ඊසාක් දක්වා වු පරාසයක දැවැන්ත මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබුණි.
මේ සියළු මෙහෙයුම්වල ප්‍රථිපල තින්දු කරන විශේෂ මහසභාව අද පෙරවරුවේ පැවැත්වේ.
ලංසා පවුලේ අරමුණ වන්නේ කෙසේ හෝ බිච් පාක් එක ඇතුළු ටෙන්ඩර සියල්ල 10% කට හෝ 20% ක් වැඩිකර ඒවා ක්‍රියාත්මක කරගෙන ගිය අයටම යළිත් ලබාදෙන ලෙස ඉල්ලා සිටිමය.
එහෙත් එජාපේ බහුතරයක් මන්ත්‍රිවරුන්ට බිච් පාක් එක කෙසේ වෙතත් පොළ ටෙන්ඩරය අළුත් කෙනෙකු හට දිමේ අවශ්‍යතාව තදින්ම තිබේ.
කෙසේ වෙතත් තවත් පැය කිපයක් ඇතුළත මේ සියල්ල තින්දු විමට නියමිතය.