බිච් පාක් එකේ මිනිස් බිලි ගැනිල්ල නවතාලන්නේ කව්ද??

0
114

මීගමුවේ බිච් පාක් එක කලකට ඉහතදි මේ කලාපයේ අනාරක්ෂිත තැන බවට පත්වුයේ එහි දිය නෑමට යන අය පමණක් නොව වැලි වැදුන අත සේදිමට ගිය කුඩා දැරියන්ද මෙහිදි බිලිගනිමිනි. මේ නිසා  මහත් වු අවසනාවන්ත තත්වයක් නිර්මාණය විය.
මේ මුහුදු සිමාවේ දියනෑමේ ඇති භායනකත්වය පිළිබදව ප්‍රමාණවත් දැනුවත් කිරිමක් හෝ ජිවිතාරක්ෂක සේවාවක් හෝ මෙහි නිසි ලෙසින් ක්‍රියාත්මක නැත.
මේ සියල්ලේ ප්‍රථිපලය නැවතත් අපට කියා සිටින්නේ බිච් පාක් එකේ මිනිස් බිලි ගැනිම් තවමත් එලෙසින්ම පවතින බවය.
මේ අනාරක්ෂිතබවට ගොදුරුවිමෙන් පවුලේ දෙමව්පියන්  ඥාාතින් සමග බිච් පාක් එකට පැමිණ සිටි 19 වියැති තරුණයෙකු පසුගිය දිනක සදහටම ජිවිතයෙන් සමුගත්තේ  මේ සියළු දෙනා බලා සිටියදි මය. ආධාර ඉල්ලමින් දියේ ගසා ගිය මේ තරුණයාගේ ජිවිතය බේරාගැනිමට කිසිවෙකුටත් හැකිව තිබුනේ නැත.ඉතින් මේ තත්වය පාලනය කිරිමට මැදිහත්වන්නේ කව්ද???
නගර සභාවද නැතිනම් බිච් පාක් එකේ මුදල් හමබ්කරන කොන්ත්‍රාත්කරුද???