බිච් පාක් එක සම්බන්ධයෙන් කැඳවපු කමිටුව සාර්ථකද ?

0
99

(12.30 pm ) මාලිමා රජයට මිගමුවෙන් මේ වන විට එල්ල වි ඇති බරපතලම අභියෝගය වි තිබුනේ බිච් පාක් එකේ.ප්‍රශ්ණය නිර්භීත ලෙස කඩිනමින් විසඳිමට නිසි පියවර නොගැනිම සම්බන්ධයෙනි.

එය කඩිනමින් විසදා දැනට ලංසා පවුල විසින් සිදුකරමින් සිටින රථ ගාලෙන් අයකරනු කරන රු 100 කප්පම නැවැත්විය යුතුව තිබුනද තවමත් එය කිරිමට මාලිමා බලධාරින්ගේ මගපෙන්විම් දිගින් දිගටම පමා වෙමින් තිබේ

පසුගිය සම්බන්ධිකරණ කමිටුවේදි බිච් පාක් ප්‍රශ්ණය වෙනුවෙන් කමිටුවක් පත් කර.තිබුණි.
එහෙත් මේ කමිටුව රැස්කිරිම සාර්ථක අන්දමින් සිදුකිරිමට මිගමුව ප්‍රාදේශිය ලේකම්වරිය කටයුතු කර තිබුනේද යන්න සැබැවින්ම ගැටළු සහගතය.

මිගමුව සම්බන්ධිකරණ කමිටුව පැවැත්වුනේ පසුගිය 17 වෙනිදාය. මේ කමිටුව ගැන තින්දුව ගනු ලැබුවේ එදාය.
එම කමිටුව පසුගිය 22 වනදා රැස්වු තිබුන අතර එයට අදාල දැනුමි දිම් විධිමත්ව කර තිබුනේද යන්න සැබැවින්ම ගැටළුවකි.

ඇතැමුන් හට මේ සදහා අවම වශයෙන් දැනුම් දිමක් හෝ සිදුවි නොතිබුන අතර තවත් අයට යැවු ලිපිය සකස් කර තිබුනේ පසුගිය 20 වෙනිදාය. රැස්විම 22 වනදාය.

මේ අසංවිධිත බව නිසා මෙම කමිටුවට පැමිණ සිටි අයගෙන් බිච් පාක් එකේ ඇත්ත විස්තරය දන්නා ප්‍රධානම අයටද සම්න්ධ විමට අවස්ථාව අහිමිව ගොස් තිබුන බව වාර්තා විය.

මීගමුවේ මාලිමාව නියෝජනය කරමින් එම රැස්විමට එක්ව සිටි ඇතැමුන්ට බිච් පාක් එක ගැන හරිහැටි අවබෝධයක් තිබුනේද යන්න සැබැවින්ම සැක සහිතය.

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here