බිච් පාක් කුමන්ත්‍රණය ගැන හෙළිදරව්වක් !

0
302

බිච් පාක් එක තවදුරටත්  ලංසා පවුල වෙත තබා ගැනිමට ගහපු ගේම කියල කියන්නේ මිගමුවේ දේශපාලන අධිකාරියයි ,පට්ට දූෂිත පරිපාලන අධිකාරිය එකතුවෙලා කරපු මිගමු දේශපාලන ඉතිහාසයේ දැවැන්තම කුමන්ත්‍රණයක් .

2023 මිගමු නගර සභාවේ සහසභා රැස්විමකදි හිටපු නගරාධිපති ඇන්ටනි ජයවීර යෝජනාවක් ⁣ගේනව ළමා උද්‍යානය සහ පිහිනුම් තටාකය ඇතුලු කොටස නාගරික සංවර්ධන අධිකාරිය යටතේ සංවර්ධනය කොට කළමණාකරණය කරන්‍න කියල

හැබැයි මේ යෝජනාවේදි ඉතා පැහැදිලිව  කියනව දැනට නගර සභාව ආදායම් ලබන වැසිකිලි පද්ධතිය සහ රථගාල හැර කියල.

IMG 20250108 073229

නමුත් කුමන්ත්‍රණය පටන් ගන්නේ මේකට පස්සේ .මිට කලින් මිගමු නගර සභාවේ හිටපු ලක්ෂ්මන් කියන කොමසාරිස්වරයා කූට ලේඛනයක් හදනවා .ඒකේ තියෙන්නේ වැසිකිලි පද්ධතිය සහ රථගාල ත් නාගරික සංවර්ධන අධිකාරියට පවරගන්න කියල නගර සභාවේදි යෝජනා වුනා කියල.මේක තමයි ලංසා පවුලයි දුෂිත ලක්ෂ්මනුයි කරපු අශික්කිතම කුමන්ත්‍රණය .

රාජ්‍ය නිලධාරියෙක්ට මෙච්චර අශික්ෂිත වෙන්න පුලුවන්ද? නගර සභාවේ විදුළු බුබුළු අරන් ගිහින් ගෙදරට දාගන්න ජාතියේ කෙනෙක් කියල තමයි හිටපු කොමසාරිස්වරයා ප්‍රසිද්ධ

දැන් මේ ලියවිල්ල ගැන තමයි මේ කුමන්ත්‍රණයේ දිග පළල ගැන හරි හැටි නොදැන මිගමුවේ AGA නෝනත් කියවන්නේ.

මේ කුමන්ත්‍රණය කරල ලංසාලම කොම්පැනියකුත්.ඇටෙව්ව කියල කතාවකුත් තියෙනවා.

කොහොම හරි .නාගරික සංවර්ධන අධිකාරයෙ නමත්.ගහපු ටිකට් එකක්  කියල දැන් රු 100 ගානේ  රථවාහන වලින් අයකරනව.Screenshot 20250103 081043

දැන් අපේ AGA නෝන මේ ටිකට් කඩන අයගෙන් අහන්න ඕනා මේ අයට මුදල් අයකරන්න බලය තියෙන නීතිමය ලියවිල්ල තියෙනවද කියල.මොකද එහෙම නිතිමය අයිතියක් තියෙන කිසිම ලියවිල්ලක් අපි දන්න තරමට නෑ.

පහුගිය සම්බන්ධිකරණ කමිටුවේත් මේ ප්‍රශ්ණය ඇදුනා . හැබැයි තාමත් මේ හොර ටිකට් කැඩිල්ල කරගෙන යනවා.
ගම්පහ දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපති වගේම මිගමුවේ කමිටුවේ සභාපතිවත් මිගමුවේ බිච් පාක් එකේ නිරික්ෂණ චාරිකාවකත් නිරත වුනා.

නමුන් රු 100 කප්පම් සෙල්ලම තාමත් ක්‍රියාත්මකයි.

බීච් පාක් එකේ කුමන්ත්‍රණය ගැන ඉතාමත් වැදගත් ප්‍රශ්ණ 5 ක් සහිත ලිපියක් ප්‍රාදේශීය ලේකම් තුමියට 24/11/08 දාතමින් මිගමුවේ කොමසාරිස්ත්මිය යවල තිබුන.IMG 20250107 084946IMG 20250107 084953 3හැබැයි මේ වැදගත් ප්‍රශ්ණ 5 ගැන ප්‍රාදේශීය ලේකම් තුමිය පිලිතුරු  යවලද කියල නම් දන්නේ නැ.

එක දෙයක් තේරෙනව මේ බිච් පාක් කුමන්ත්‍රණ⁣යේ ඇත්ත දැනගන්න මේ ප්‍රාදේශීය ලේකම් තුමියට එච්චරම උනන්දුවක් නැ වගේ.එදා මේ ගැන කෙරුණ නිරික්ෂණ චාරිකාවෙදිත් අනික් අයටත් එහෙම හැඟුනා කියල තමයි කියැවුනේ.

මේ විඩියෝ එක බලමුවත් තේරෙනව මිගමුවේ ජනතා නියෝජිතයෙක් ⁣හැටියට වෛද්‍ය හෙන්රි ⁣රොසාරියො කියන කරුණු සහිත පැහැදිලි කිරිමට ඇහුම්කන් දෙන්න උවමනාවක් ඇයට නෑ කියල.ඒ වෙනුවට එයා අර ලක්ෂමන් කියන දුෂිත කොමසාරිස්වරයා එවල තිබුන කූට ලේඛනය ගැන උපරිම විශ්වාසයකින් කතා කරනව කියල ඕන කෙනෙක්ට හැගෙනව.

මේ බිච් පාක් කුමන්ත්‍රණය ගැන නිර්භිතව කටයුතු කරපු කොමසාරිස්වරිය වෙනුවට රනිල් වික්‍රමසිංහගේ පාලන කාලය තුල ඉඩම් පිළිබදව වගකිම් දරමින් කටයුතු කළ නිළධාරිණියක් දැන් මිගමුවේ කොමසාරිස්ධුරය අද ඉදන් භාර අරන් .

ප්‍රාදේශීය ලේකම් වරිය දැන් ක්‍රියාත්මක විය යුතුයි.මාස දෙකක් ගිහිල්ලත් උත්තර යාවාගන්න බැරිවුන නාගරික කොමසාරිස්වරියගේ ලියුමේ ප්‍රශ්ණ 5ට  උත්තර යවල නැත්නම් උත්තර යැවිය යුතුයි.බිච් පාක් කුමන්ත්‍රණ සෙල්ලම කඩිනමින් අවසන් කළ යුතුයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here