මේ දැනුවත් කිරීම වෝල් ආර්ට් කරන තරුණ පිරිස වෙත.
මං මේ කාරණාව පැහැදිලි කරන්න යොදාගන්නේ “ව්‍යවහාරික මනෝවිද්‍යාව Applied psychology” විෂය ක්ෂේත්‍රයේ පවතින තවත් එක් විෂයක් වන “පාරිසරික මනෝවිද්‍යාව. Environmental psychology ” යන විෂයයි. පාරිසරික මනෝවිද්‍යාව තුල කතාකරන්නේ ‘අපගේ සිතිවිලි වලට නැතිනම් චිත්තවේග වලට අප අවට පරිසරය බලපෑම් ඇතිකරන බලපෑමය’.
සරලව කියනවානම් අපේ පරිසර සුන්දර වියයුතුයි. අපේ ඇස ග්‍රහණය කරගන්නා ජායාරූප සිතිවිලි බවට පරිවර්තනය වීමේ ක්‍රියාවලිය තුල අපට ඇතිවන්නේ සුභවාදී සිතිවිල්ලක්නම් එතන පාරිසරික මනෝවිද්‍යාත්මක සංකල්ප ක්‍රියාත්මක වන බව කිව හැකියි.
මං මේක ජීවමාන උදාහරණයකින් පැහැදිලි කරන්නම්.
* මහනුවර මහරෝහල වෙත රෝගියකු බැලීමට යන පුද්ගලයකුට රෝහලට පිවිසීමට පෙර දක්නට ලැබෙන්නේ රසායනාගාර සහ අවමංගල්‍ය සේවා සපයන අයතනයි. එහිදී රෝගියකු බැලීමට යන පුද්ගලයකු තුල අසුබවාදී සිතිවිල්ලක් කළකිරීමක් සහ කණගාටුවක් ඇතිවේ.. එම සිද්ධිදාමය තුල පාරිසරික මනෝවිද්‍යා සංකල්පය උල්ලංඝණය වේ. රෝහලක් අවට පරිසරය ඉතා සාමකාමී සහ කණගාටුව කෝපය දනවන චිත්තවේග ස්ථානවලින් බැහැර විය යුතුයි. ලොව දියුණු රටවල් මෙම පාරිසරික මනෝවිද්‍යා සාධක ඉතා ඉහලින් තම සංවර්ධණ කටයුතුවලට යොදාගනු ලබයි.
අපි වෝල් ආර්ට් නැතිනම් බිතු සිතුවම් තුලින් අරමුණු කළයුත්තේ සමස්ත මහජනතාවයි. එහිදි ඇස ගැටෙන සිතුවම් වලින් අපට ලැබිය යුත්තේ ධනාත්මක චිත්තවේග පමණයි.. යුද්ධයක විරුවකුගේ ඡායාරූපය දුටු කලක තම යුද්ධය නිසා තම පුත්‍රයා අහිමිවූ මවකට එම සිතුවම දැකීමම ඉතා වේදනාකාරීවූ දෙයකි. එයින් අප නියෝජනය කරන සමාජ සංස්ථාව තුලම කෙනෙකු පීඩාවට පත්වේනම් හසලක ගාමිණි විරුවෙකු වුවත් ඒ තුලින් පාරිසරික මනෝවිද්‍යාත්මක සාධක උල්ලංඝනය වෙනවා. යුද්ධය ජාතිය ආගම වැනි දේවල් වෝල් ආර්ට් තුල භාවිතා විය යුත්තේ ඉතා අඩුවෙනි..
බොහෝ රටවල වොල් ආර්ට් කලාව තුල Word Disney සමාගමේ කාටුන් චරිත භාවිතා කරනු ලබන අතර බොහෝ රටවල අයහපත් චිත්තවේග ඇතිකරවන සුළු සිතුවම් වෝල් ආර්ට් කලාව තුල භාවිතා නොකරයි. ඒ තුලින් නිතැනින්ම අසුබවාදී සිතිවිලි ඇති කරනු ලබයි. වෝල් ආර්ට් තුල අරමුණ නම් පරිසරය ලස්සන කිරීමයි. ඒ ලස්සන තුල සිතුවමට නැගෙන ඡායාරූපය සමාජයට ධනාත්මක පණිවිඩයක් ලබදෙන්නක් වියයුතුය. අපට යුද්ධය සමග ඇත්තේ සතුටුදායක අතීතයක් නොවේ. එනිසා වාර්ගික අරගල, ස්වාභාවික විපත්, නැතිබැරිකම සහ දුප්පත්කම වැන සෘණාත්මක අදහස් දනවන බිතු සිතුවම් වලින් වැලකී හැකි තරම් සුබවාදී සිතුවම් නිර්මාණය කිරීම සඳහා ඔබේ වටිනා හැකියාව භාවිතා කරන්න. එය විද්‍යාත්මකයි. කිසිදු ජනවර්ගයක් හෙළාදැකීමට එම කළාව භාවිතා නොකරන්න.
සුසන්ත සාගර ලියවිල්ලක් උපුටා ගැනීමක්.