බිද වැටුනු රාජ්‍ය පද්ධතියක් කාලගුණ අනාවැකි කියන්නේ කෙසේද??

0
147

චණ්ඩ මාරුතය ගැන ජනතාවට හරි දැනුම් දීමක් කිරීමට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පියවර  නොගැනිම ගැන , දින 2 කක් ඇතුලත වාර්ථාවක් එවිය යුතු  යැයි දන්වා ඇතැයි ද, වරදක් සිදුවී ඇත්නම් ඊට වග කිවයුතු අයට දඩුවම් කරන්නේයැයි ද ආපදා කළමනාකරණ ඇමැති මහින්ද අමරවීර පසුගිය දිනක නුවරඑළියේදී  ප්‍රකාශ කර තිබේ.
”අපේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉතා පැරණි ආයතනයක්. එය කඩිනමින් මුළුමනින්ම නවීකරණය කළ යුතුයි. ඇමැති මණ්ඩල සංදේශයක් මගින් ප්‍රතිපාදන ලබා ගැනීමට බලාපොරොත්තු වෙනවා. ඊට වැය කරන මුදල් අපතේ යැවීමක් නොවේ. ආපදාවක් එන්නට කළින් ජීවිත බේරා ගැනීමට එමගින් ඉඩකඩ ලැබෙනවා ”යැයි ද ඔහු වැඩිදුරටත් පවසා තිබුණි.
ආපදා කළමණාකරණ ඇමතිවරයා පසුගිය දිනක වලක්වා ගතහැකිව තිබුන  ජිවිත විනාශය ගැන කියන්නේ එවැන්නකි.
එහෙත් අද මේ ආණ්ඩුව තුල ඇති යථාර්තය  වන්නේ එහි සියළු පරිපාලන පද්ධති එහෙම පිටින්ම බිද වැටි  ඇති නිසා  අපට හෙටත් බලාපොරොත්තු විය හැක්කේ මෙවන්ම ව්‍යසනයන්ම වීමයි.
වසර 2004 දි 31 000 කට ජිවිත අහිමි කරමින් ලක් ඉතිහාසයේ පැය කිහිපයක් ඇතුලත සිදුවු සුනාමි ව්‍යසනය තුලදිද අප අත්දුඩු සත්‍ය වුයේ බිද වැටුනු රාජ්‍ය පද්ධතියක අනිවාර්ය ප්‍රතිඵලයයි.
සුනාමි තත්වයක් රටතුලට ඇතුළු වි පැය එකාමාරක් යන තෙක් හෝ ඒ බව දැනුම් දි මිනිස් ජිවිත බේරාගැනිමට හැකියාවක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඇතුළු ජනමාධ්‍ය වලට පවා තිබුනේ නැත.
අතිශය දේශපාලනිකරණයකට ලක්වු   පරිපාලන පද්ධතියක් කාර්යක්ෂම ලෙසින් ක්‍රියාත්මක වේ යැයි සිතිය නොහැක.
එපමණක් නොව විපක්ෂ නායකවරයාද අද මාධ්‍ය හරහා පවසා තිබුනේ කුණාටුව ගැන කල් ඇතිව කියන්නට බැරිවූවා  පමණක් නොව ඉන් අනතුරට පත් ධීවරයන් බේරා ගැනිම සදහා වහාම මැදිහත් වන ලෙස ඉල්ලා ධීවරයන්ට රේල් පාරට බෝට්ටු ඇද දමා ූවිරෝධතා දැක්විමටද සිදුවු බවය.මේවා ධීවරයන්ව උසිගන්නවා විපක්ෂය හෝ වෙනත් බලවේගයන් විසින් කරන්නේ යැයි ලාභෙට ගොඩයන්නට පාලකයන් කල්පනා කළේය.
එහෙත් ඇත්ත  නම් ධීවරයන් බේරාගැනිමට රජයට බලකර කියන්නට තරම් තත්වයක් ධීවරයන්ට සිදුවු බවය.
මීගමුවේ ධීවරයන් අද අපට ඉතා පැහැදිලිව කියා සිටියේ කිසිදු බලධාරියෙක් කුණාටු තත්වය ගැන තමන් දැනුවත් නොකළ බවය.  ඇමරිකාව විසින් මේ අනතුරු ඇගවිම කර තිබිදීත් ඒ ගැන සැලකිලිමත් නොවිම ගැන ධීවර ජනයා කථා කළේ වෛරයෙනි.
මෙහිදි අමතක නොකළ යුතු තවත් එක් වැදගත් කරුණක් වේ. එනම් පසුගිය කාලය තුල රටපුරාමත් විශේෂයන්ම ගම්පහ දිස්ත්‍රික්කය තුලත් විශාල වියදමක් දරමින්  ආපදා කළමණාකරණ වැඩසටහනක් ක්‍රියාත්මක වු බවය.
ඒ වෙනුවෙන් වරින් වර පෙරහැර ආපදා කළමණාකරණ වැඩසටහන්ද ක්‍රියාත්මක විය.
එහෙත් මේ කිසිවක ප්‍රථිපල තමන්ගේ ජිවිත බේරාගැනිම සදහා  නම් ක්‍රියාත්මක නොවු බව මීගමුවේ ධීවරයෝ එකහෙළා පවසා සිටිති.
ජනාධිපතිවරයා ඇතුළු දේශපාලන අධිකාරිය දැන්  ඉල්ලා සිටින්නේ චාරයක් නැති පියවරුන් නිසා නරක් වු දරුවන්ගෙන් හැදියාව ගැන චරිත සහතිකයන්ය………ruf sea 2