බිලිබෑම….!

0
854

 

received_10155749688946014
බිලිබෑම ඉතා අතීතයේ සිට පැවත එන පාරම්පරික එක් ධිවර ක්‍රමයකි. ඉතා ලෙහෙසියෙන්ම නිරත විය හැකි නිසා මෙය බොහෝ දෙනෙකුගේ ප්‍රධාන විනෝදාංශයක් බවට පත්ව් ඇත. මීගමුව පිටිපන ලෙල්ලම අසල පාලම උඩ සිට බිලිබාන පිරිස දකින විට එය ඉතා හොඳින් තේරුම් ගත හැක.
මේ වන විට ඉතා නවීන බිලිබෑමේ උපකරණ (බිලිපිති) දැකිය හැකි වුවත් අතීතයේ මේ සදහා යොදා ගත්තේ හොදින් මේරූ කිතුල් පිත්තක් සහ එයට කැට ගැසූ තන්ගුස් නූලකි. නූල අගට බිලි කොක්කක් බැදින අතර උඩු දීයේ මසුන් ඇල්ලීමට කුඩා ඉපිලියක්( bouy ) ද ගැඹුරු දියේ මසුන් ඇල්ලීමට කුඩා ඊයම් බරුවක්ද තන්ගුස කෙලවරට යොදා ගත්තේය.

ඇම සදහා බෝහෝ විට කුඩා ඉස්සෝ හෝ පනුවන් යොදා ගනු ලැබීය.

දකුණු ප්‍රදේශවල මුහුදු වෙරලේ කනු මත සිට කරන බිලිබෑම සංචාරකයන්ගේ විශේෂ ආකර්ෂණය ලබා ඇත.

බිලි බෑමේ ක්‍රම ගනනාවක් ඇත. මරුවැල් දැමීම, මයියමේ යෑම, කලපුවේ සහ මුහුදු වෙරලේ සිට බිලිබෑම සහ දකුණේ කනු මත සිට කරන බිලිබෑම මේ අතර වේ.

බිලිබෑමෙන් ඉතා විශාල මසුන් අස්වැන්නක් ලබා ගත නොහැකි වුවත් එදිනෙදා ජීවත්වීමට කීයක් හෝ උපයා ගැනීමට එය ධීවරයින්ට විකල්ප මාර්ගයක් වී ඇත.

අරුණ ශාන්ත නෝනිස්